Friday, August 3, 2018

                                    



මඟ මුලා වූ ප්‍රේක්ෂකයා …♪


එකිනෙකට වෙනස් වූ චරිත මගින් කතාන්දරයක් නිර්මාණය කිරීම සුන්දර කලාවක්. ලෝකයේ දියුණුව තාක්ෂණික දියුණුව ලෙස දකින යුගයක, අද ප්‍රේක්ෂකයා කොතනද? පැරණි  මාධ්‍ය තල්ලූ වෙමින් නවමාධ්‍යයේ ආගමනයත් සමග මේ වෙනස ඉතා ඉක්මනින් සිදු විය. කලාවන්ද සුවිශේෂී වෙනස්කම්වලට ලක් වූ බව පැවසීම වරදක් නොවේ. මෙහි ප‍්‍රබල ම  පෙරළිය සිදු කළ කලාවක් ලෙස සංගීත රූපරචනා කලාව  හැඳින්විය හැකිය. එය ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් කතා කරනවාද? එය නම් ගැටලූවකි.

ගීතයෙහි අරුත රූපයෙන් මැවීම රූප රචනා කරුවාගේ  හැකියාවයි. ගීතයක පද තුළ පුද්ගල හැගීම්,භාවයන්,අත්දැකීම් ගැන කතා කරයි.  එනමුත් රූප  රචනාව තුළින් මෙම වචන  සියල්ලෙහි අරුත් මතු නොකරයි. එමගින් ගීතයට අලංකාරයක් එක් කරයි. මෙය සරළවම ගීතය හා රූප රචනා කලාවේ ස්වභාවයයි. ක‍්‍රියාකාරී වැඩ ලෝකයේ මිනිසුන්ගේ මානසික සුවය ගීතයෙහි එක් අරමුණක්. ගීතය මගින්  පුද්ගල මනසට කතා කළ හැකි නම් එය ලෝකයේ පුද්ගලයාව වෙනස් කළ හැකි ප‍්‍රබල මාධ්‍යයක් බව හඳුනා ගැනීම වැදගත් ය. සමාජ අවශ්‍යතා උදෙසා බිහිවූ නිර්මාණ නැතුවාද නොවේ. නමුත් මෙහිදී රූප රචනා කලාව තුළින් අද එක් අවශ්‍යතාවක් පමණක්  සපුරනවා ද යන්න යම් විටක සිතේ. ප්‍රේක්ෂකයන්ට නැරබීමට උවමනා කරන නිර්මාණත්, ප්‍රේක්ෂකයන්ට නැරබීමට ඇති නිර්මාණත් දෙස බැලූ විට මේ බව මනාව තහවුරු වේ.







ලෝකයේ විවිධාකාර ප‍්‍රශ්න,ගැටලූ පවතී. මේවාට විසඳුම් සෙවීම ලේසි පහසු කාර්යයක් නම් නොවේ. නමුත් ලෝකයේ යහපැවැත්මට දායක වීමට උත්සුක වන කලාකරුවන්, සිය නිර්මාණ හැකියාවෙන් ඊට දායකත්වය ලබා දෙයි. වර්තමාන වීඩියෝ රූපරචනයන් තුළින් මෙවන් පුද්ගල සංවර්ධනයක් සිදු වනවාද? ප්‍රේක්ෂක ඔබ මේ නිර්මාණයන් තුළින් යම් සුවයක් ලබනවාද? පෙර කතා කළා සේම මානසික සුවයක් මින් ලැබෙනවාද? ලෝකයේ අවශ්‍යතා පිළිබඳව කතා කිරීමට නොහැකි නම් පුද්ගල මානසිකත්වය විකෘති වන අන්දමේ නිර්මාණ බිහි නොකිරීමට වත් වගබලා ගත යුතුය.

ලංකාව කුඩා දූපතක්. එනමුත් එහි වාසීන් සුන්දර මිනිසුන් ය. ඔවුන් සැවොම හොඳ රස විදින්නන ය. එම නිසාම  කරන්නා වූ නිර්මාණයන් ද ඉතා වගකීමෙන් කළ යුතුය. අන් අය වෙනුවෙන් කරන නිර්මාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රැල්ලක් නිර්මාණය වන වීඩියෝ කලාවෙහි පසුපස හඹායන නිර්මාණකරුවන් අපට අවශ්‍ය නැත.අප බලාපොරොත්තු වන්නේ සංවේදී නිර්මාණයන් ය. දෑසට සවියක් මිස අවියක් නොවී පීඩිත සමාජයේ මිනිසුන්ගේ සන්තානය සනසාලන වීඩියෝ රූපරචනා කලාවක අවශ්‍යතාව තදින්ම දැනෙන යුගයකි. ප්‍රේක්ෂකයා වෙනුවෙන් නිර්මාණකරුවා සිය යුතුකම් ඉටු කළ යුතු කාලය එළඹ ඇති බව පැවසීම යුක්ති ගරුකය.

No comments:

Post a Comment

             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.                    පරිණාමයේ පැහැදිළි ...