Wednesday, December 13, 2017


                                                      මා රම්බරිය සොයා ........




“ගායතීති ගීතං” ගායනය කරන්නේ යමක්ද? එය ගීතයයි. සිංහල කාව්‍ය වංශය වසර ගණනාවක් පුරා ඈතට දිව යයිබ් ක්‍රි.පූ දෙවන සියවසේ දී පමණ ලියැවුණු සෙල්ලිපි ගී ම ගින්ඒ බව මොනවට තහවුරු කරයි.පිනි බිංදුවක් කදුළට උපමා කරන ගීත නිර්මාණකරුවා ජීවිතයම ගීතයක් කර ගනී. උපන් දා සිට හැදී වැඩී මහල්ලෙක්ව මිය යන තෙක් ගීතය පෝෂණය වෙයිී.නිමක් නොවන සිතිවිලි ගීතය අතර සැඟවෙයි. ඉන් උපදින රසය විවිධ වේ. එම නිසා ගීතයක රසය මෙය යැයි කිව නිශ්චිතව කිව නොහැකි වේ. එහි සිරවුණු අදහස් රැසකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වන මෙකී රසය සොයා ගැනීම නම් එතරම් පහසු කාර්යක් නොවේ.එක් ගීතයක රසය සොයා යන මේ ගමන් මගෙහි ආරම්භයේදීම ගීත්‍ය හදුනා ගැනීම වැදගත් වේ.ලාංකීය ගී වංශයේ භාවාත්මක නැවුම් හඩෙහි හිමිකරු ඔහුයි.විශාරද එඞ්වඞ් ජයකොඩි නම් වන ඔහුගේ හඬ මුසුවෙන් ද, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ද කුමාරදාස සපුතන්ත්‍රී නම් දැවැන්ත කලා කරුවාගේ පද රචනයෙන් ද නිපන් “මා රම්බරී” ගීතය ගැනයි මේ කතා බහ.



black and red women සඳහා පින්තුර ප්‍රතිඵල

විසල් විශ්වයේ සියලු සත්ත්වයෝ හදුනා ගත් භාෂාවක් වේද, එනම් සංගීතයයි. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කළ උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාස තුළින් ද සුපෝෂණය වූ හෙළ සුභාවිත ගීතය තරම් අප සිත් නිවා පහන් කළ හැකි මහෞෂධයක් තවත් තිබිය හැකිද? මාරම්බරී ගීතය තෝරා ගැනීමට ප්‍රබලම හේතුව එය යැයි පැවසීම වරදක් නොවේ. ප්‍රේමවන්තයෙක් සිය පේමවන්තිය වෙත කරන ප්‍රේමණීය ශෘංගාරාත්මක ආරාධනයක් වස්තු විෂය කර ගනිමින් රචනා වූ මෙම නිර්මාණය පෙම්වතාගේ රති ආයචනය සංයමශීලීව ගෙන ඒම අරමුණු කරගෙන ඇත.ගීය වෙත ප්‍රවිෂ්ට වීමට පෙර ගීතය යන්නත් ශෘංගාරය යන්නත් අවබෝධ කර ගැනීම වැදගත් වේ.
“මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර මිනිස් හැඟීම් සහෘදයන්ට බෙදාදෙන්නේ සම්ප්‍රේෂණය කරන්නේ කලාව මඟිනි ” යනුවෙන් ලියෝ තෝල්ස්තෝයි ප්‍රකාශ කර තිබේ. ගීතය යන කලා මාධ්‍යය තුළින් ද ඉටු විය යුත්තේ මෙයයි. ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ ගීතය යන්න අර්ථ දක්වා ඇත්තේ “සාමූහිකව හෝ ඒකලව ගායනා කරන සංක්ෂිප්ත සංගීත රචනයක් ” ලෙසය.ගීතය ජනයා අතර ජීවත් වෙයි. එනිසා ගීතයේ භාහිර ඇති රසාලිප්ත තුළ සැඟවුණු දර්ශනයක් තිබීම වැදගත් බව මෙයින් තහවුරු වේ. ගීතයෙන් රසයක් උපදී.මේ කියන්නා වූ රසය යනු කුමක්ද?නාට්‍ය ශාස්ත්‍රයේ එය මෙසේ විග්‍රහ වේ.

“විභාව අනුභාව හා ව්‍යභිචාරී සංයෝගාද් රස නිෂ්පත්ති:”

ව්භාව අනුභාව හා ව්‍යභිචාරී භාවයන්ගේ සංයෝගයෙන් රසය උපදී. රසන් නිෂ්පත්තියට හේතු වන භාව අටක් සහ ඒ එකිනෙකින් ලැබෙන රසද නාට්‍ය ශාස්ත්‍රයේ වැඩි දුරටත් සඳහන් ය.එනම් භාව රති, හාස, ශෝක, ක්‍රෝධ, උත්සහ, භය, ජුගුප්සා, විෂ්මය මේවායින් ඉපදෙන රස පිළිවෙලින් ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීබත්ස්‍ය, අද්භූත ලෙස දැක්විය හැකි වේ. රසාස්වාදයේදී ඉතාම වැදගත් තැනක් ශෘංගාර රසයට හිමි වේ.එසේම සංස්කෘත විචාරකයන් දක්වන පරිදි රස අතරින් ඉතා සියුමැලි රසය ද එයයි.ශෘංගාරය යන වචනය සෑදී ඇත්තේ ශෘංග යන්නෙනි. ශෘංග යනු අනංගයාගේ උද්‍රෙකයයි.එබැවින් තත් ප්‍රාප්තියට හේතු වන්නා වූ ආස්වාදය ශෘංගාරය යි. ලෙස දක්වා ඇත. ඒ රසය සහෘදයා වෙතට පත් කරවන ගීත නිර්මාණ අදවන විට බිහි වී ඇත.ශෘංගාරාත්මක රසය අද වෙළඳ භාණ්ඩයකි.මිනිස් සියුම් හැගීම් වලට සංයමයෙන් කතා කරන ගීත අතලොස්සකි. සුභාවිත ගීත දෙසට යොමු වී මා රම්බරී වන් ගීතයක රස මුසු තැන් සොයා යාමට සිතුවේ එනිසා ය. ගීතයක පද වැල් විවිධ අරුත් නිර්මාණය කරයි. තනුවකට අනුව රචනා වීම මෙහස් තවත් විශේෂත්වයකි. ගී පද සාහිත්‍යයේ සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් කුමාරදාස සපුතන්ත්‍රී නම් විද්වතා මා රම්බරී පද වැල්වල හිමිකරුය. පෙම්වතුන්ගේ සිතිවිලි ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් රචනා වන මෙහි ශෘංගාරය සඟවා ඇත.සැගවූ ශෘංගාරය විඳගැනීමට ගීතයේ පදවැල් අතර සැරිසැරිය යුතුය.

“මා රම්බරී කෝල වී
edward jayakodi සඳහා පින්තුර ප්‍රතිඵල
පෑ මුවේ මන්දහාසේ ”

එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් කොහිද? රම්බා දේවිය යනු දිව්‍යාංගනාවන් අතර වඩාත් රුවැත්තියයි.යම් පුරුෂයකු කාන්තාවකට මා රම්බරී ලෙස පවසනුයේඇය සුවිශේෂි නම් පමණි.එනම් (මා+රම්බරිය) මගේ රන්බරිය ලෙස ඇයට ආමන්ත්‍රණය කරනුයේ කරනුයේ ඔහුට ලොව සිටින සුන්දරම ඇය නිසාය.ඔහු ඇය අසල සිටින විට ඈ දෙස බලන විට ලැජ්ජා වී ඔහු වෙත පෑවේ මදහසකි.ඔහු ඈ වෙත හෙළුෑ බැල්ම ඇය ක්ෂණයෙන් හඳුනා ගත්තා ය.ඈ එවිටම කෝල විය. ඇයගේ මදහස ඔහුව ප්‍රබෝධමත් කරයි.ඇයගේ එකදු බැල්මක් ඔහුට සතුටට කරුණක්.පිං්කාර ඒ නිසා ඔහු නිරන්තරයෙන් ජීවිත්යේ සංතුෂ්ටිය භුක්ති විදියි. ඇය ඔහුගේ හදවතේ රැජිණ යි.ඈ නිසා ඔහුට ජීවිතය හොදින්ම දැනෙයි.ඒ ඔහුගේ පෙම්වතියයි. ඈ දෙස බලා සිටින ඔහු ඇයට මෙවන් ඇරයුමක් කරයි.

                                                           “ සිතේ භෘංග සේනා කිපී රොන් මතින්
rohana virasingha සඳහා පින්තුර ප්‍රතිඵල
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනු ඒ පිපාසා ”

ඈ කෙරෙහි් අශාවන්ගෙන් ඔහුගේ සිත කුල්මත් වෙයි.ඒ කෙසේද යත් රොන් බී මත් වුණු මී මැසි කැලක් මෙන් යැයි කවියා උපමා කරයි.නුරා නෙතින් ඔහු ඇයව ලුහු බදියි. ඇයව ඔහුගේම අර ගැනීමේ ආශාවෙන් ළැතැවෙන ඔහු ඈ දෙස බලා සිටියි


සනසාලනූ ඒ පිපාසා මේ ඇරයුම ඇගේ කෝල මදහසින් උමතුව නොනිම් චිත්ත සන්තාපයන් නිවා ලන්නට නොවේද?ඒ හැගුම්වලට ඉඩ දී ඔහු නැවතත් මෙලෙසින් පවසයි.

“ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළදේ චිත්ත පීඩා නොනිම් ”

ඔහුගේ ඉල්ලීම පිළිගෙන දීප්තිමත් දෙනෙතින් ඔහු දෙස බලා සිතෙහි ඇති නිමක්නොවන පීඩාව නිවන ලෙස ඔහුගේ හැගුම් කතා කරයි. සදේ සිසිලස මෙන් සුමුදු සුවයක් ඔහු ඇයගෙන් අපේක්ෂා කරයි.ඔහුව පීඩාවෙන් මුදවා සනසා ලන ලෙස පවසයි. පේමණීය හැගුම්වලින් ඔද්දල් වූ ඔහුගේ සිත ඈ සුවපත් කළ යුතුය.

නිර්මාණකරුගේ සරළ වචන කිහිපයක සැඟවුණු අරුත් නම් සරළ නැත. සංකීර්ණ හැගීම් දාමයක් වචන කිහිපයක් තුළ සැඟවීමට රචකයා සමත් වී ඇත. අමු අමුවේ අරුත් සපයන නවීණ පන්නයේ ශෘංගාරත්මක ගිතවල රසවිදීමට තරම් සුන්දරත්වයක් සඟවා නොමැත.නමුත් භාවනාවක් සේ ගොඩ නැගෙන මෙහි අරුත් නම් අපූරු ය. ගීතයේ සැගවී ඇත්තේ ශෘංගාරාත්මක හැගීම් සමුදායකි. එලෙසින් වචන අතර මැවැනි සංකීර්ණ ගැගීම් සමුදායක් සැඟවීමට රචකයා සමත් වී ඇති බව කිව යුතුමය.

ගීතයක් නිර්මාණය වනුයේ අකුරු වචන පද අදහස් වැනි බොහෝ දේ එකතු වීමෙනි.ඊට වැදගත් ම වනුයේ භාෂාවයි. රචකයා මෙහිදී යොදාගෙන ඇති බස් වහර ගැන කතා කළ යුතු වන්නේමය.ශෘංගාරාත්මක හැගීම් ජනනය වන අයුරින් භාෂාව හැසිරවීමට උපන් හපන් සපුතන්ත්‍රීන්ගේ නිර්මාණය තුළ සරළ බව ගැබ්ව ඇත.


“මා රම්බරී”

යන වචනය ගීතයට ආරම්භයක් ලබා දෙයි. ශෘංගාරය සමඟ බැදී ඇති සුන්දරත්වය එක වචනයක් ඔස්සේ මැවීමට රචකයා රම්බා යන්න යොදා ගනියි.ඒ කී සැනින් සුන්දරත්වය ඉක්මවූ රුවක් මැවෙයි.රචකයා සාර්ථකය.ගීතය පුරාවටම ගෙනෙන අදහස් ඉතා බලවත් බව හැගවීමට රූපකාලංකාර යොදා ගනියි. එනම් ගීතය පුරා දිවයන හැගීම්වල ස්වභාවය බලවත් බව මෙයින් මනාවට ගම්‍යමාන කරයි.
“නුරා පැන් ”
kumaradasa saputhanthri සඳහා පින්තුර ප්‍රතිඵල
කාමයෙන් පිරුණු ඔහුගේ සිතිවිලි මුහුකුරා ගොස් ය.


“ මල්මුව”

මල් නැමැති මුව යන්න මෙහි උඩුපෙළ අරුතයි. ඔහුගේ මන දොළ සනසා ලිය යුතු ආකාරය රචකයා එක් වචනයක රදවන්නේ මෙසේය. හැගීම්වලින් තැවෙන හදවත සද සිසිලෙන් නහවන් ලෙස කවියා උපමාලංකාරයකින් මේ අයුරින් ගළපයි.

“ රශ්මි දෙවා චන්ද්‍රයා සේ ”

ගීතයේ අවස්ථා කිහිපයකම මා රම්බරී යන්න දැක් වේ.ඔහු ඇයට දක්වන ආලය නැවත නැවතත් ප්‍රකාශ කිරීම රචකයාගේ අරමුණ වී ඇත. පදරචනය තුළ අර්ථරසයෙන් පිරි වචන සමූහයක ශෘංගාරාත්මක බව මනාවට ගොනු කිරීමට රචකයා සමත් වී ඇත.මෙහි යොදා ගත් සංගීතය පිළිබඳව කතා කළහොත් තවදුරටත් ගීතයේ සුන්දර වටපිටාව හදුනා ගත හැකි වේ. උත්තර භාරතීය ගෂල් ගීයේ ආභාසය ලබමින් මෙම ගීතය නිර්මාණය වී ඇත. භාරතීය උර්දු හා පර්සියන් බසින් බැදුණු සහ ගැයුණු ගීත විශේෂයක් ලෙස ගසල් හැඳින්වේ. කෙහෙර්වා සහ තීන්තාල් ඇසුරු කර ගනිමින් ගැයේ. මෙම ගී විශේෂය ආදරය පිළිබඳව රසවත් සාහිත්‍යප්‍රබන්ද සාගරයක් ලෙසින් පිළිගැනේ. සරළ ශාස්ත්‍රීය ගායන වර්ගයක් ලෙස සැලකෙයි. ගසල් ගීත ආභාසයට ගැනීම තීරණය කිරීම ගීතයෙහි සැබෑ අර්ථය ගෙන ඒමට රුකුලකි. ඊට එක්වෙන ශබ්ද රටා ගීතයේ මිහිරියාව තව තවත් වැඩි කරයි.

මා රම්බරී රෝහණ වීරසිංහයන්ගේ සංගීත්
නිර්මාණයකි. ගීතයේ සං
ගීත ඛණ්ඩ අතර දීප්තිමත් වන මිහිරි බටනලා හඩ හා
ආකර්ෂණීය තබ්ලා වාදනය සහෘදයන් සරා සිහිනයක රදවනවා යැයි කීම අතිශ්‍යයෝක්තියක් නම් නොවේ.එලෙසම ගීත්යේ අන්තරා කොටසෙහි අවදි වන ආලප් කොටස හා ස්වර්ගම් ගායනය තුළ එක් කරන රසය කෙබදු දැයි වචනවලට ගත නොහැකිය. මේ හඩ එකිනෙක වැටීම මත ඉපදෙනුයේ ශෘංගාරාත්මක හැගීම් සමුදායකි. එසේ ගම්‍යමාන වන්නේ සංගීතය යෙදීමේ අපූර්වත්වයයි.

“ප නි ස රි ප නි ස ග

නි ස ග ප නි ස නි ප ග ස නි ප නි රි ස ස ග

ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ”


ගීතයක් සාහිත්‍යක් නොවන්නා සේම සංගීතය පමණක් ද නොවේ.ගීතය පරිපූර්ණ වන්නේ ගී පද මාලාව සංගීතය හා ගායනයේ සුසංයෝගයෙනි. මා රම්බරී ගීතයට මුසු වන හඩ ගීත්යෙහි අර්ථය දැන වීමට ප්‍රබල සාධකයකි. පරිණාම වාදයේ අසහාය පීතෘ චාල්ස් ඩාවින් නැමැති ජීව විද්‍යාඥයා අනාවරණය කර ඇති පරිදි සොබාදහමේ දී සතුන්ගේ ගායනා චර්යාව

ප්‍රධාන වශයෙන් සම්බන්දවනුයේ ප්‍රජනන ක්‍රියාවලියට බවයි. මනුලොවේ
මනහර ගායක ගායිකාවන්ට බොහෝ දෙනෙක් ආකර්ෂණය වේ. ගි පද ,ගී තනු නිර්මාපකයන්ට එවැනි ආකර්ෂණ බලයක් නොමැත. මා රම්බරී ගීතයට හඬ මුසු කරනුයේ විශාරද එඞ්වඞ් ජයකොඩි මහතා ය.ලාංකික සුභාවිත ගීතයට නොමද ප්‍රභාවක් එක් කළ ප්‍රතිභාවන්ත ගායන්වේදියා ඔහුයි. ඔහුගේ හඬ මා රම්බරී සමඟ හොදින්ම පෑහේ. එහි ප්‍රතිඵලය ලෙස ගීතයෙහ සැබෑ අරුත ඉස්මතු වේ. විශාරදයන් එඞ්වඞ් ශූරීන්ගේ හඩෙහි ඇති

සුවිශේෂ ගුණය නිසාම මෙම ගීතය තුළ සංයමය ශීලී ශෘංගාරයක් උපදී. ළයාන්විත් හඩ සහෘද සිත් තුළ පිළිසිදගන්නේ ශෘංගාත්මක බව තව තවත් වැඩි කරමින් ය. එබැවින් ගීතයට සරිලන හඩ යොදා ගත් නිර්මානයක් ලෙස මා රම්බරී හදුනා ගත හැකිය. ශෘංගාර රසය වෙළෙඳ අවියක් කර ගත් යුගයක මෙවැනි නිර්මාණ රසවීදීම අමතකව ගොස් ය. එනමුත් මෙහි රසය එක් මොහොතක් සවන් දුන් අයෙකුට කිසිදා අමතක නොවෙයි.

පාර්ශව කිහිපයක උත්සාහයක් ලෙස ගීතයක් නිර්මාණය වෙයි. ගායකයා රචකයා සංගීතඥයා යන තිදෙනාගේම දායකත්වය මත ගීත්යෙහි අදහස සහෘදයා වෙත සම්ප්‍රේෂණය වේ.මා රම්බරී ගීත්යෙන් නිරූපිත් ශෘංගාරාත්මක රසය ශ්‍රාවකයා අත තැබීමේදී සංයමය ඉතා හොදින් රැක තිබේ.ශෘංගාරාත්මක හැගුම් සංයමයෙන් දැනවීමට නිර්මාණකරුවා සමත් නම් එය ඇගයිය යුතු කරුණක් නොවේද? ආදරය ප්‍රේමය සමඟ බැද එන රාගය දැනෙනුයේ ශෘංගාර රසය ලෙෂ බව මේ වන විට හදුනාගෙන අවසන ය. මාරම්බරී යනුද කතාන්දරයකි . මේ කතාන්දරයේ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් චරිත මවයි. ඔවුන් ගෙන එන්නේ ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියට කරන රති ආයාචනයකි. එය සරළව දැක්වුවත් ගීතය තුළ එකී හැගීම් සෙවීම සරළ නැත.එහෙත් ගීතයේ වෑහෙන ශෘංගාරය ශ්‍රාවකයා මනමෝහනයට පත් කරන බව නොඅනුමානය.කෙමෙන් ගීයක විමසුම අවසන්ව ගෙවෙන මේ මොහොතේ මා රම්බරී ඈ සුන්දර බව කීම යුක්ති ගරුකය.











.





4 comments:

             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.                    පරිණාමයේ පැහැදිළි ...