Saturday, July 28, 2018

                         

                     සන්නිවේදනයේ මහගෙදර







මානව සබඳතා ලෝකයේ පැවැත්ම තීරණය කරයි.දම්වැලක පුරුක් එකිනෙක බැදී පවතිනවා සේ සබඳතා ගොඩනැගෙනුයේ සන්නිවේදන කාරක මතයි. මෙහිදී තහවුරු වන එක් කරුණකි. එනම් සමාජයේ පැවැත්මට අදාල ප‍්‍රධාන කාර්යය සිදුකරනුයේ මෙකී සන්නිවේදනය මගින් බවය. සන්නිවේදනය විෂයක් ලෙස හැදෑරීමේ වටිනාකම මෙයින් මනාවට තහවුරු වෙයි. 

මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා ආදී බොහෝ විෂයන් සමඟ බැදී පවතින බහුවිෂයීක පදනමක් සහිත විෂයක් ලෙස ජනසන්නිවේදන හැදින්විය හැකිය. සජීවත්වය හේතු කොටගෙන මෙම විෂය හැදෑරීමට බොහෝ පිරිසක් එක් වෙයි. 

ජනසන්නිවේදන ලෝකයට විෂයක් වුවත් ශ‍්‍රී ලාංකිකයන් වන අපට විෂයක් ලෙස  හැදෑරීමේ ප්‍රථම අවස්ථාව හිමිකර දෙනුයේ කැලණිය විශ්වවිද්‍යාලය මගින් බව කිව යුතුම කරුණකි. 1972 වසරේ ජනසන්නිවේදන විෂය පාඨමාලාවක් වශයෙන් ආරම්භ කරන ලදි. වර්තමානය වන විට ශාස්ත‍්‍රවේදී හා ශාස්ත‍්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලා පවත්වාගෙන යයි. මීට අමතරව විද්‍යාර්ථීන්ට ශාස්ත‍්‍රපති, සමාජීය විද්‍යාපති, දර්ශනපති හා දර්ශන විශාරද යන පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ඇත. 1997 ආරම්භ කරන ලද ජනසන්නිවේදනය පිළිබඳ එක් අවුරුදු හා දෑ අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවන් ද, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවද දැනටත් ක‍්‍රියාත්මක වේ. ජනසන්නිවේදන අධ්‍යයන අංශය යටතේ මානව හිමිකම් හා මාධ්‍ය අධ්‍යාපන කේන්ද්‍රය හා සන්නිවේදන පර්යේෂණ ඒකකය ද ක‍්‍රියාත්මක වේ. මෙම අධ්‍යයන අංශයෙන් සන්නිවේදනය පිළිබඳ න්‍යායාත්මක දැනුම මෙන්ම රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමා, පුවත්පත්, නවමාධ්‍ය හා තොරතුරු තාක්ෂණික යන මාධ්‍ය ක්ෂේත‍්‍රයන් ක්ෂේත‍්‍රයන් පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ද ලබා ගත හැකි වේ. වසර පුරා ක‍්‍රියාත්මක වන ප‍්‍රයෝගික වැඩසටහන් දැනුම ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස හඳුනා ගත හැකිය. සංජනනී, ආලම්බන ආදී දැවැන්ත මාධ්‍ය වැඩසටහන් හරහා විද්‍යාර්ථීන්ගේ දක්ෂතා මුවහත් කර ගැනීමේ අවස්ථාව නොඅඩුව හිමි වෙයි. ජනසන්නිවේදනය යනු රැකියා ඉලක්ක කරගත් විෂයකි. එකී හේතුවම බොහෝ වෘත්තීය ක්ෂේත‍්‍ර විවෘත කර ගැනීමට අවස්ථාව උදාකරගෙන ඇත.



 ලෝකය පුරා ජනප‍්‍රිය වන මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය විෂය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් 2015 සිට ශාස්ත‍්‍රවේදී උපාධි පාඨමාලාවේ විෂය ක්ෂේත‍්‍රයක් ලෙස තෝරා ගැනීමට අවස්ථාව හිමිකර දී ඇත. 2016 වසරේ සිට මහජන සම්බන්දතා හා මාධ්‍ය කළමනාකරණය පිළිබඳ ලංකාවේ පළමු ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව යන පාඨමාලා ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් හදුන්වා දී තිබේ. මෙම විෂය සම්බන්ධ ඉහත කී ඩිප්ලෝමා පාඨමාලාව වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපනය හැදෑරීමේ ප‍්‍රවේශයක් ලෙස සකස් කර තිබේ. 

 ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ ලංකාවෙහි ප‍්‍රථම වතාවට ආරම්භ කරන ලද්දේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ඇතුළු සුවිශේෂී ආචාර්ය මඩුල්ලකිනි. සන්නිවේදන මහගෙදර කැලණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව රටටම සම්පතකි.එලෙසම වැදගත් කරුණක් ගිලිහෙන්නට නොදී මේ අයුරින් වචන අතරට එක් කරන්නම්.ලංකාවේ අදවන විටත් සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත එකම විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයයි.

සන්නිවේදනයෙන් ලෝකය දකින්න, එන්න , සන්නි වේදන මහගෙදරට ගොඩවන්න.

No comments:

Post a Comment

             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.                    පරිණාමයේ පැහැදිළි ...