Sunday, July 22, 2018

                 
                       නීතිය සහ දරුවා 





අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය. ලෝකයේ කතා බහට  ලක්වන පුංචි චරිතයක්.එනමුත් ලෝකයේ නිර්මාණකරු ඔහු ය.මේ වෑයම දරුවා සහ අයිතීන්   පිළිබදව කතා කිරිමටයි.

වයස අවුරුදු 18 ට අඩු සියලුම මනුෂ්‍යයින් ළමුන් ලෙස සැලකේ. මෙය එක් නීතිමය මතයක් පමණක්මද?දෙමාපියන්ගේ තුරුලේ හැදී වැඩෙන දරුවා සමාජ ඇසුරට යයි. සෑම මොහොතකදීම දරුවා යම් යම් වෙනස්වීම් වලට මුහුණ දෙයි.මේ සෑම තත්පරයක් පාසා දරුවාට අහිමි වන අයිතිවාසිකම් පිළිබඳ කතා කළ යුතුය. ළමුන් ආරක්ෂා කර කර ගත යුත්තේ ඔබය .ඒ ඔබේ ව  වගකීමයි.  

 1989 නොවැම්බර් මස විසි වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කරග ගන්නා ලදී.මෙහි වගන්ති 24කි. ලංකාව ඇතුළු රටවල්  91 මෙම ලියවිල්ලට අත්සන් තබා ඇත. ළමයෙකුගේ  ජීවත්වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වැනි බොහෝ අයිතීන් පිළිබඳ නීතිමය රාමුව මෙහිදී සැකසේ. ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් කරමින් දරුවන් පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බව මෙමගින් තහවුරු වේ.

ශ්‍රී ලාංකිකයන් වන ඔබ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම්ට බැඳී සිටින බව දන්නවාද? ශ්‍රී ලංකාවේ  1888 දණ්ඩ නීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ මුල්වරට ප්‍රතිපාදන දක්වා ඇත. 1939  පනවන ලද  ළමයි හා තරුණයන් පිළිබඳ ආඥා පනත ද, 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනිම් වැලැක්විම සඳහා වන පනණත ද මෙහිදී  වැදගත් වේ. මීට අමතරව විවිධ පනත් මඟින් දරුවන්ගේ අයිතීන් පිළිබඳව වැඩිදුරටත් කතා බහට ලක්විය. ලංකාවේ නීතිමය පැතිකඩ එසේ  වර්ධනය වන අතර දරුවා සම්බන්ධව    කරුණු කීපයකි.


දරුවෙක් යනු සැබවින්ම තමන්ට හිමි අයිතීන්  පිළිබඳ නොදැනුවත්  කෙනෙකි. නමුත් වැඩිහිටියන් ලෙස ඔබ දරුවා ගේ අයිතීන් පිළිබඳ දැනගත යුතු නොවේ ද ?  උපතෙන් පසුව  සියල්ල   දරුවාට හිමි විය යුතුය. මේ සමානාත්මතාවයි.නීතිමය කටයුත්තකදී දරුවා කේන්ද්‍රකරගනිමින් සියල්ල තීන්දුවට ලක්වන බව දරුවා ගේ වැඩිම යහපත (The best interest of the child) නම් වූ මුල දර්මය ආරක්ෂා කිරීමෙන් තහවුරු කරයි.




විශේෂයෙන්ම මෙම නීතිය මෙරට දික්කසාද නීතිය සමග බැදී පවතී.දරුවා දිළින්දෙක් නොව ඔහුට දිළිදුබවෙන් තොරව ජිවත් වීමට අයිතිය ඇත.ශ්‍රමය සූරාකෑම, සෞඛ්‍යට හානි වන අන්තරායක රැකියාවල නිරත වීමට ඔහුට ඉඩක් නැත. ප්‍රාථමික අධ්‍යයනය සෑම ළමයෙකුටම නොමිලේ ලබාගත හැකි විය යුතුය.අවශ්‍ය අවස්ථාවලදී රජය මගින් මූල්‍යාධාර ලබාදීමේ වගකීම රජය සතු වන බව ද අමතක නොකළ යුතුය. 34 වන වගන්තිය මෙවන් කරුණක් පිළිබඳව  කතා කරයි.ඒ දරුවා සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාවන් සඳහා යොදවා ගැනීමෙන් වැළකිය යුතු බවය.

ඔබ දිනපතා නරඹන ප්‍රවෘත්ති අතර මෙවන් සිද්ධි නම් අඩුවක් නොමැත. ඒ අතර වාර්තා නොවන තොරතුරු කොතරම් ඇත්ත? දරුවන් සම්බන්ධ කතා බහේදී සංවේදී ලෙසින් දරුවන්ට අහිමි වන අයිතීන් පිළිබඳ කතා කරනවා සේම ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් අගනේය.

දරුවා කායික මෙන්ම මානසික වශයෙන්ද පෝෂණය විය යුතුය. මෙකී අයිතීන් දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කරයි. එක් දිනක් පමණක් දරුවන් වෙනුවෙන් වෙන්කර ඇත. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සෑම දවසක්ම ගෙවී යන තත්පරයක්ම සැලකිලිමත් වනවා නම් දරුවන් අනාගතයෙහි සුන්දර නිර්මාණකරුවන්  වන බව දැක්වීම වඩාත් වැදගත් වේ. 


2 comments:

             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.                    පරිණාමයේ පැහැදිළි ...