Friday, August 3, 2018

             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.



                   පරිණාමයේ පැහැදිළි වෙනසක් සම`ග මිනිස් අවශ්‍යතා සංකීර්ණ වන්නට වියගපැවතුණු ප‍්‍රදාන අවශ්‍යතා අතරින් පැතිරුණු බොහෝ අවශ්‍යතා ප‍්‍රමාණයක් සපුරා ගැනීමට මිනිසුන් අතිමහත් වෙහෙසක් දරයිගමෙකී මහා සංග‍්‍රාමය තුළ සැ`ගවුණු ඵක් සත්‍යතාවයකිගඵනම්, ඵම අවශ්‍යතා සපුරා ගැනීමට ප‍්‍රමාණවත් සම්පත් ප‍්‍රමාණයක් පවතිනවා ද? යන්නයි.වත්මන වන විට ඵකී ගැටලුවට පිළිතුරු සෙවීම සංවර්ධනය යන අරුතින් හ`දුනා ගත හැකි වේ.
                          සෞඛ්‍ය,අධ්‍යාපන,මානව,ආර්ථික,ග‍්‍රාමීය,නගර,දේශපාලන,සංස්කෘතික,පරිසර  ආදී ක්ෂේත‍්‍ර රැුසක් ආශ‍්‍රිතව  ”සංවර්ධනය”යන්න කතා කරනු ලබයි.මිනිසාගේ විද්‍යා පුනර්ජීවනයෙන් ගොඩ නැගුනු ආර්ථික පෙරළිය පසු සංවර්ධනය යන්න වැඩි වශයෙන් කතාබහට ලක් විය.සරළව ගත් කල්හි සංවර්ධනය යනු යම් රටක ප‍්‍රදේශයක හෝ ගෝලීය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්ත්වයේ සාමාජීය ආර්ථික දේශපාලන අංශවල ඇතිවන යහපත් මෙන්ම ප‍්‍රමාණාත්මක වර්ධනය ලෙස අර්ථ දැක්විය හැක.
                      රටක දුප්පත්කම අඩුවීම,අසමානතාව අඩුවීම, සේවා වියුක්තිය  යන කරුණු සම්පූර්ණ වීම. සංවර්ධනය ලෙස    ඩී.සියර්ස් හදුනා ගනී.ඒ අනුව සෑම පවුලක් ස`දහාම ප‍්‍රමාණවත් ආදායමක් තිබීම, එම පවුලෙහි වැඩ කළ හැකි සෑම පුද්ගලයකුටම ජීවන උපාය මාර්ගයක් හෝ රැුකියාවක් තිබීම, එහි සාමාජීකයන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්තාව තිබීම සහ රජයේ සංවර්ධන ක‍්‍රියාවලියේදී ජනතාවට ඒ ස`දහා තීරණ ගැනීමේ ඉඩ කඩ ලබා දීමටත්,ජාතියක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවක් ඇත්නම් සැබෑ සංවර්ධනය එහි ගැබ්ව පවතින බව ඔහු තවදුරටත් පවසයි. මෙි හරහා සංවර්ධනය යන්න අවබෝධ කර ගත හැකිය තවදුරටත් මෙකී අදහස පෝෂණයට යමක් එකතු කළ හොත් රටෙහි පවත්නා තත්ත්වයෙහි සාපේක්ෂ දියුණුව ලෙස දැක්විය හැක.
                       ”සංවර්ධනය” සංකල්පය ජ්‍යාත්යන්තර ව්‍යාපෘතියක් බවට පත් වූයේ වර්ෂ1949 ජනවාරි මස 20 වන දිනදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ හැරී ටෲමන් විසින් එරට කොන්ග‍්‍රස් සභාව අමතා කළ point Four දේශනයෙන් පසු ව යැයි කියනු ලැබේ.දිළ`ිදු පැල්පත් වාසියකු සංවර්ධනය දකින ආකාරයත්් සැලසුම්    කරුවකු හෝ දේශපාලඥයකු එය දකින්නේ නැත.ගෝලීය උණුසුම් වීම,  ඕසෝන් ස්තරය ක්ෂීණවීම ආදිය පිළිබ`දව ලෝක මට්ටමේ සංවර්ධන අවශ්‍යතා පැවතියද, දුප්පත් රටවල ජනතාවට ඇත්තේ පානීය ජලය පිළිබ`ද ගැටලූන් ය. මේ ආදී ගැටලු බොහෝමක් මැද්දෙන් ගලා යන සංවර්ධනය පුළුල් පරාසයක දිවෙන බව හදුනා ගත හැක. මේසා විශාල ක්ෂේත‍්‍රයක් තුළ මා අදහස් කිරීමට බලාපොරොත්තු වනුයේ සමස්ත සංවර්ධනයම තීරණය වන ”පරිසර සංවර්ධනය” පිළිබ`දවය සෑම සංවර්ධන ක්ෂේත‍්‍රයක් තුළම පිටුපස සැ`ගව ඇති පරිසර සංවර්ධනය සහෘද මානව ප‍්‍රජාව තුළ සංහිදියාව ඇති කරයි. සැබෑ සංවර්ධනය ගැබ්ව ඇති පරිසර සංවර්ධනය පිළිබ`දව කතා කිරීමට මා කරුණු ගොනු කරන්නේත් ඒ නිසාමය.
                    ” මිහිකත මිනිසාට අයිති නැත. එහෙත්  මිනිසා මිහිකතට අයිතිය.” සුන්දර  වූ පරිසරයෙහි කොටසක් ලෙස මානව සම්පත දැක්වුවත්, අදවන විට එහි පරම අයිතිකරු ලෙස ඔවුන් කටයුතු කරයි. එහෙත් සැබවින්ම අප පරිසරයට  අයිති වුවත් පරිසරය අපගේ පමණක් නොවන බව අමතක නොකළ යුතුය. පරිසරයේ සුන්දරත්වය පිළිබ`ද ලෝකයාම කතා කරයි. එහෙත් සැබෑ වටිනාකම හදුනාගෙන ද යන්න ගැටලුවකි. සියැටල් නැමැති රතු ඉන්දියානු නායකයා පරිසරය ගැන කතා කරන විට අමතක කළ නොහැකි තැනැත්තෙකි.” සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජිවත් විය හැකිවේ ද? වන සතුන් සියලූ දෙනා වැනසී ගිය හොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසා ද මිය යනු ඇත. මක්නිසාද සතුන්ට සිදුවන දේ නොබෝ කලකින් මිනිසාටද සිදුවන හෙයිනි. ලෝකයේ පවත්නා සියලූ දේු අතර ඇත්තේ එකිනෙකාට බැ`දුණු ඥාතිත්වයකි ”

                     මේ ඔහුගේ වදනක් වුවත් එය අපට දැනෙනුයේ අනාගතය පිළිබ`ද කරනු ලබන අනාවැකියක පෙරවද නක් ලෙස නොවේ ද? මානව ජනගහනය වැඩි වීමත් සම`ග සම්පත් උකහා ගන්මින් තවදුරටත් පරිසරය වෙනස් කිරීමටත්,ඒ හා බැ`දි කි‍්‍රයාවන් ම`ගින් පරිසරය කෙරෙහි දැඩි පීඩනයක් ඇති කිරීමටත් අද වන විට මාර්ග නිර්මාණය වී අවසන්ය. සංවර්ධනය මත තාක්ෂණික දියුණුව හේතුවෙන් පරිසරය විටෙක ආරක්ෂා කර ගැනීමේ තර්ජන මතු වේ. එවිට සැබෑ සංවර්ධනයක්් සිදු වීද? එබැවින් මෙහිදී සංවර්ධනය යනු පරිසරය අත්හැර සංවර්ධනය වීම නොවන බව මතක තබා ගත යුත්තකි.

”එක් කම්හලකින් වා තලයට එක් වන විෂ වායුව    සැතපුම් සිය ගණනක් ඈත පිහිටි ප‍්‍රදේශයක ගං`ගා සහ විල් විෂ ගන්වමින් අම්ල වර්ෂාවක් ලෙස පතිත වනු ඇත”
                   බාර්බරා වෝර්ඞ් මැතිණිය Environment and human needs˜යන ග‍්‍රන්ථයේ ස`දහන් කරනුයේ මෙවැන්නකි. සැබැවින්ම මෙවන් අදහස් පැනනගිනුයේ වත්මන මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා නොවෙද? ජූනි පස් වන දිනට සීමා නොවෙමින් පරිසරය ආරක්ෂා කරගත හැකි නම් එය සැබෑ සංවර්ධනයයි.
                   ජෛව විද්‍යාත්මක වටිනාකම් රැුසකින් යුතු දුපත් රටක් වන ලංකාව වත්මන සංවර්ධනය කරා ඇ`දී යයි. වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හ`දුනාගත් ශී‍්‍ර ලංකාව වත්මන වේගයෙන් සංවර්ධනයට ළ`ගා වීමට උත්සහ දරයි.මෙකී හේතුව මත සුන්දර පරිසරය අපට අහිමි වේද? මේ මොහොත වන විටත් සිංහරාජය, නකල්ස් වැනි ලෝක උරුම වනාන්තර ආශි‍්‍රතව සිදුවන අනවසර ඉදිකිරිම් හා මහාමාර්ග සැකසීම් පිළිබ`දව කිසිදු වග විභාගයක් සිදු නොවේ. නාගරික ප‍්‍රදේශවල ජන සංඛ්‍යාව ඉතා සීඝ‍්‍රයෙන් වර්ධනය වීම හා ඒ ආශි‍්‍රව පැල්පත් හා මුඩුක්කු නිවාස පැතිරී යාම දුර්ලභ දර්ශනයක් නොවේ. ගණ අපද්‍රව්‍ය අපහරණය, අක‍්‍රමවත් අපහරණ, ජල ප‍්‍රවාහනය නිසි ආකාරයෙන් සිදු නොවීම මත පරිසර විනාශය සිදු වෙමින් පවතී.නූතන වකුගඩු රෝගය පැතිර යාමට හේතුව ජල දුෂණය සිදු වීම බව හ`දුනා ගත හැකි වේ. කෘෂිකාර්මික බිම් එළි පෙහෙළි කිරීම් හේතුවෙන් සතුන් විශාල පිරිසක් විනාශ වේ. වත්මන වල්අලි ප‍්‍රශ්නයට හේතුවද ඔවන්ට ඔවුනගේ නිවාස අහිමි වීමයි. වෘක්ෂ ලතා වැස්ම මෙසේ ඉවත් වීම මත භූමිය පහසුවෙන් ඛාදනය වී නාය යාම වැනි ස්වභාවික ආපදා ඇති වේ.

                 කාර්මික ක‍්‍රියාකාරකම් මත වායුව දුෂණය වෙමින් ජෛව ගෝලය අපවිත‍්‍ර වූ ශී‍්‍ර ලංකාවක් අද අපට උරුමව ඇත. මේ දිගහැරුනේ වත්මන් ශී‍්‍ර ලංකාවේ පරිසරය සංවර්ධනය නොවීමේ අදෝනාවයි. ජලය වාත ය පොළොව ගස් වැල් සතුන් අපෙන් ඈත්ව යන සමයක් තුළ ඉන් වැළක,ීලංකාවේ සැබෑ පරිසර සංවර්ධනයක් අනාගතයේ අපට උරුම කර ගත හැකි වේද?

                අනාගත ශී‍්‍ර ලංකාව තුළ නිදහසේ හුස්ම ගැනීමට නම් පරිසර සංවර්ධනය යන්න වඩාත් ප‍්‍රභලව සිදු විය යුත්තක.ි ලෝකයේ බොහෝ රටවල් කෙතෙක් සංවර්ධනය වුව ද, පරිසරය අමතක කර ඊට ළංවීම මත ඔවුන් කෙදිනක හෝ වහා ඉක්මණින් තඩා වැටෙණු ඇත එබැවින් ශී‍්‍ර ලාංකික අපි කඩා නොවැටෙන සංවර්ධනයක් කරා යාමට පරිසරය සම`ග සංවර්ධනයේ ඉදිරි පියවර තැබිය යුතුය. 

               අනාගත සංවර්ධිත ශී‍්‍ර ලංකාවක් දැක ගැනීමට නම් පාසල් ප‍්‍රජාව තුළ පරිසරය පිළිබ`ද ඇල්ම ඇති කිරිම වර්තමානයේදී ම සිදු කළ යුතු ය.පරිසරය යන විෂය කුඩා කලට සීමා නොකර එම විෂය හරහා පරිසරයෙහි වැදගත්කම ශිෂ්‍ය ප‍්‍රජාවට පුන පුනා හ`ඳුන්වා දිය යුතුය. එමගින් කුඩා කල සිටම පරිසරයෙහි අගය ඔවුන් හඳුනා ගනී. කෙදිනක හෝ රටෙහි අනාගත පරපුර ඔවුන් වන බැව්න් එවැනි වැඩ පිළිවෙලක් තැන්පත් කරනුයේ ප‍්‍රාග්ධනයකි. පරිසර භට කණ්ඩායම් මගින් පාසල් දැනුවත් කිරීම හා එම කණ්ඩායම ක‍්‍රමවත් කිරීම කළ යුතු ය. පරිසර අර්බුදය දිනෙන්දිගටම උග‍්‍ර වන්නේ රට තුළ පරිසරය අශ‍්‍රිතව සිදු කරන වැඩ සටහන් ස`දහා නිසි නියාමනයක් අඛණ්ඩව රට පුරා නොපැවතීම බව දැක්විය හැක

               පරිසර දිනයට පමණක් වැඩ සටහන් සීමා නොකර ජන මාධ්‍ය හරහා පරිසර වැඩසටහන් ක‍්‍රියාත්මක කරන පුළුල් වැඩ පිළිවෙලක් තිබිය යුතු ය.  එමගින් ජනතාව දැනුවත්භාවය මෙන්ම පරිසරයෙහි අගයද ඔවුන්ට වැටහේ. එබැවින් එම මතක් කර දීම නූතන ජනමාධ්‍යයෙහි වගකීමකි. ඒ ස`දහා වැඩි ප‍්‍රජාවක් ගණුදෙනු කරන නව මාධ්‍ය භාවිතා කළ හැකි ය. එලෙසම පරිසරය පිළිබ`ද කරන වැඩ සටහන් දීර්ඝ කළ යුතු ය. එවිට අවධානය නිරතුරුව පවතී.

               නීත්‍යානූකූලව පරිසරය ආරක්ෂා වන අන්දමේ නීති නිර්මාණය ජනතාව පරිසර දුෂණයෙන් වළකාලීමට හේතුවකි.එය රජයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තකි. ජනතාව මේ අයුරින් පාලනය කිරීම  සතුටට කරුණක්.මන්ද එය  අනාගත ශ‍්‍රී ලංකාවේ සුභ සිද්ධිය උදෙසා වන නිසාය.ශ‍්‍රී ලංකාවේ ආවේණික සතුන් ශාක ආරක්ෂා කර ගැනීම අමතක නොකළ යුත්තකි.
” ලංකාවට ආවේණික දුර්ලභ කටුස්සන් ජර්මනියේ සත්ත්ව වෙළ`දපොළක”
             
මෙවැනි ප‍්‍රවෘත්ති  අනාගතයේ ඵල නොවීමට වගබලා ගත යුතු ය. මන්ද අපේ වනසම්පත හා සත්ත්ව සම්පත අපට උරුම වූ වටිනාකමකි. පරිසර අධිකාරිය ම`ගින් ග‍්‍රාමීය මට්ටමේ දැනුවත් කිරිම් ආරම්භ කළ යුතුය. වන රක්ෂණ දෙපාර්තමේන්තුවට වනාන්තර අයිති වුව ද එහි වන සතුන්ට හානි වන විට කතා කළ යුත්තේ වන ජීවි ආයතනයට බව ඔවුන් පවසයි. නමුත් එම ආයතනයට කතා කළ පසු වන සතුන් වනාන්තරයට අයිති  නිසා ඔවුන් සතුනගේ වගකීම  භාර නොගනී. එම සතුන්ගේ ආරක්ෂාව අයිති වන්නේ කාට ද? මෙය වත්මන පවතින ගැටලුවකි. එම ගැටලුව විස`දීම මෙන්ම ක්‍ත්‍ක්‍, කාබන්මොනොක්සයිඞ් විමෝචනය වන ක‍්‍රම වළකාලීම ස`දහා වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතු ය.

             මෙවන් වැඩසටහන් පිළිබ`ද අවධානය යොමු වුවහොත් අනාගත ලංකාවේ සංවර්ධනය සැබෑ සංවර්ධනයක් වීම කිසිවෙකුටත් නතර තළ නොහැකිය. අනාගත සංවර්ධිත සුන්දර ශ‍්‍රී ලංකාවක සිහිනය සැබෑ වීමට වර්තමානයේ තබන සෑම පියවරක් ම ඉතා වැදගත්ය. එබැවින් ” පරිසර සංවර්ධනය ” තුළින් සංවර්ධනයේ සැබෑ යතාර්ථය වි`ද ගනිමු
                                    



මඟ මුලා වූ ප්‍රේක්ෂකයා …♪


එකිනෙකට වෙනස් වූ චරිත මගින් කතාන්දරයක් නිර්මාණය කිරීම සුන්දර කලාවක්. ලෝකයේ දියුණුව තාක්ෂණික දියුණුව ලෙස දකින යුගයක, අද ප්‍රේක්ෂකයා කොතනද? පැරණි  මාධ්‍ය තල්ලූ වෙමින් නවමාධ්‍යයේ ආගමනයත් සමග මේ වෙනස ඉතා ඉක්මනින් සිදු විය. කලාවන්ද සුවිශේෂී වෙනස්කම්වලට ලක් වූ බව පැවසීම වරදක් නොවේ. මෙහි ප‍්‍රබල ම  පෙරළිය සිදු කළ කලාවක් ලෙස සංගීත රූපරචනා කලාව  හැඳින්විය හැකිය. එය ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් කතා කරනවාද? එය නම් ගැටලූවකි.

ගීතයෙහි අරුත රූපයෙන් මැවීම රූප රචනා කරුවාගේ  හැකියාවයි. ගීතයක පද තුළ පුද්ගල හැගීම්,භාවයන්,අත්දැකීම් ගැන කතා කරයි.  එනමුත් රූප  රචනාව තුළින් මෙම වචන  සියල්ලෙහි අරුත් මතු නොකරයි. එමගින් ගීතයට අලංකාරයක් එක් කරයි. මෙය සරළවම ගීතය හා රූප රචනා කලාවේ ස්වභාවයයි. ක‍්‍රියාකාරී වැඩ ලෝකයේ මිනිසුන්ගේ මානසික සුවය ගීතයෙහි එක් අරමුණක්. ගීතය මගින්  පුද්ගල මනසට කතා කළ හැකි නම් එය ලෝකයේ පුද්ගලයාව වෙනස් කළ හැකි ප‍්‍රබල මාධ්‍යයක් බව හඳුනා ගැනීම වැදගත් ය. සමාජ අවශ්‍යතා උදෙසා බිහිවූ නිර්මාණ නැතුවාද නොවේ. නමුත් මෙහිදී රූප රචනා කලාව තුළින් අද එක් අවශ්‍යතාවක් පමණක්  සපුරනවා ද යන්න යම් විටක සිතේ. ප්‍රේක්ෂකයන්ට නැරබීමට උවමනා කරන නිර්මාණත්, ප්‍රේක්ෂකයන්ට නැරබීමට ඇති නිර්මාණත් දෙස බැලූ විට මේ බව මනාව තහවුරු වේ.







ලෝකයේ විවිධාකාර ප‍්‍රශ්න,ගැටලූ පවතී. මේවාට විසඳුම් සෙවීම ලේසි පහසු කාර්යයක් නම් නොවේ. නමුත් ලෝකයේ යහපැවැත්මට දායක වීමට උත්සුක වන කලාකරුවන්, සිය නිර්මාණ හැකියාවෙන් ඊට දායකත්වය ලබා දෙයි. වර්තමාන වීඩියෝ රූපරචනයන් තුළින් මෙවන් පුද්ගල සංවර්ධනයක් සිදු වනවාද? ප්‍රේක්ෂක ඔබ මේ නිර්මාණයන් තුළින් යම් සුවයක් ලබනවාද? පෙර කතා කළා සේම මානසික සුවයක් මින් ලැබෙනවාද? ලෝකයේ අවශ්‍යතා පිළිබඳව කතා කිරීමට නොහැකි නම් පුද්ගල මානසිකත්වය විකෘති වන අන්දමේ නිර්මාණ බිහි නොකිරීමට වත් වගබලා ගත යුතුය.

ලංකාව කුඩා දූපතක්. එනමුත් එහි වාසීන් සුන්දර මිනිසුන් ය. ඔවුන් සැවොම හොඳ රස විදින්නන ය. එම නිසාම  කරන්නා වූ නිර්මාණයන් ද ඉතා වගකීමෙන් කළ යුතුය. අන් අය වෙනුවෙන් කරන නිර්මාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රැල්ලක් නිර්මාණය වන වීඩියෝ කලාවෙහි පසුපස හඹායන නිර්මාණකරුවන් අපට අවශ්‍ය නැත.අප බලාපොරොත්තු වන්නේ සංවේදී නිර්මාණයන් ය. දෑසට සවියක් මිස අවියක් නොවී පීඩිත සමාජයේ මිනිසුන්ගේ සන්තානය සනසාලන වීඩියෝ රූපරචනා කලාවක අවශ්‍යතාව තදින්ම දැනෙන යුගයකි. ප්‍රේක්ෂකයා වෙනුවෙන් නිර්මාණකරුවා සිය යුතුකම් ඉටු කළ යුතු කාලය එළඹ ඇති බව පැවසීම යුක්ති ගරුකය.

Saturday, July 28, 2018

                         

                     සන්නිවේදනයේ මහගෙදර







මානව සබඳතා ලෝකයේ පැවැත්ම තීරණය කරයි.දම්වැලක පුරුක් එකිනෙක බැදී පවතිනවා සේ සබඳතා ගොඩනැගෙනුයේ සන්නිවේදන කාරක මතයි. මෙහිදී තහවුරු වන එක් කරුණකි. එනම් සමාජයේ පැවැත්මට අදාල ප‍්‍රධාන කාර්යය සිදුකරනුයේ මෙකී සන්නිවේදනය මගින් බවය. සන්නිවේදනය විෂයක් ලෙස හැදෑරීමේ වටිනාකම මෙයින් මනාවට තහවුරු වෙයි. 

මානව ශාස්ත‍්‍ර සහ සමාජීය විද්‍යා ආදී බොහෝ විෂයන් සමඟ බැදී පවතින බහුවිෂයීක පදනමක් සහිත විෂයක් ලෙස ජනසන්නිවේදන හැදින්විය හැකිය. සජීවත්වය හේතු කොටගෙන මෙම විෂය හැදෑරීමට බොහෝ පිරිසක් එක් වෙයි. 

ජනසන්නිවේදන ලෝකයට විෂයක් වුවත් ශ‍්‍රී ලාංකිකයන් වන අපට විෂයක් ලෙස  හැදෑරීමේ ප්‍රථම අවස්ථාව හිමිකර දෙනුයේ කැලණිය විශ්වවිද්‍යාලය මගින් බව කිව යුතුම කරුණකි. 1972 වසරේ ජනසන්නිවේදන විෂය පාඨමාලාවක් වශයෙන් ආරම්භ කරන ලදි. වර්තමානය වන විට ශාස්ත‍්‍රවේදී හා ශාස්ත‍්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලා පවත්වාගෙන යයි. මීට අමතරව විද්‍යාර්ථීන්ට ශාස්ත‍්‍රපති, සමාජීය විද්‍යාපති, දර්ශනපති හා දර්ශන විශාරද යන පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව ඇත. 1997 ආරම්භ කරන ලද ජනසන්නිවේදනය පිළිබඳ එක් අවුරුදු හා දෑ අවුරුදු පශ්චාත් උපාධි පාඨමාලාවන් ද, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවද දැනටත් ක‍්‍රියාත්මක වේ. ජනසන්නිවේදන අධ්‍යයන අංශය යටතේ මානව හිමිකම් හා මාධ්‍ය අධ්‍යාපන කේන්ද්‍රය හා සන්නිවේදන පර්යේෂණ ඒකකය ද ක‍්‍රියාත්මක වේ. මෙම අධ්‍යයන අංශයෙන් සන්නිවේදනය පිළිබඳ න්‍යායාත්මක දැනුම මෙන්ම රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමා, පුවත්පත්, නවමාධ්‍ය හා තොරතුරු තාක්ෂණික යන මාධ්‍ය ක්ෂේත‍්‍රයන් ක්ෂේත‍්‍රයන් පිළිබඳ ප‍්‍රායෝගික දැනුම ද ලබා ගත හැකි වේ. වසර පුරා ක‍්‍රියාත්මක වන ප‍්‍රයෝගික වැඩසටහන් දැනුම ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස හඳුනා ගත හැකිය. සංජනනී, ආලම්බන ආදී දැවැන්ත මාධ්‍ය වැඩසටහන් හරහා විද්‍යාර්ථීන්ගේ දක්ෂතා මුවහත් කර ගැනීමේ අවස්ථාව නොඅඩුව හිමි වෙයි. ජනසන්නිවේදනය යනු රැකියා ඉලක්ක කරගත් විෂයකි. එකී හේතුවම බොහෝ වෘත්තීය ක්ෂේත‍්‍ර විවෘත කර ගැනීමට අවස්ථාව උදාකරගෙන ඇත.



 ලෝකය පුරා ජනප‍්‍රිය වන මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය විෂය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් 2015 සිට ශාස්ත‍්‍රවේදී උපාධි පාඨමාලාවේ විෂය ක්ෂේත‍්‍රයක් ලෙස තෝරා ගැනීමට අවස්ථාව හිමිකර දී ඇත. 2016 වසරේ සිට මහජන සම්බන්දතා හා මාධ්‍ය කළමනාකරණය පිළිබඳ ලංකාවේ පළමු ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව යන පාඨමාලා ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් හදුන්වා දී තිබේ. මෙම විෂය සම්බන්ධ ඉහත කී ඩිප්ලෝමා පාඨමාලාව වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපනය හැදෑරීමේ ප‍්‍රවේශයක් ලෙස සකස් කර තිබේ. 

 ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයේ ලංකාවෙහි ප‍්‍රථම වතාවට ආරම්භ කරන ලද්දේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ඇතුළු සුවිශේෂී ආචාර්ය මඩුල්ලකිනි. සන්නිවේදන මහගෙදර කැලණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව රටටම සම්පතකි.එලෙසම වැදගත් කරුණක් ගිලිහෙන්නට නොදී මේ අයුරින් වචන අතරට එක් කරන්නම්.ලංකාවේ අදවන විටත් සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත එකම විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයයි.

සන්නිවේදනයෙන් ලෝකය දකින්න, එන්න , සන්නි වේදන මහගෙදරට ගොඩවන්න.

Sunday, July 22, 2018

                 
                       නීතිය සහ දරුවා 





අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය. ලෝකයේ කතා බහට  ලක්වන පුංචි චරිතයක්.එනමුත් ලෝකයේ නිර්මාණකරු ඔහු ය.මේ වෑයම දරුවා සහ අයිතීන්   පිළිබදව කතා කිරිමටයි.

වයස අවුරුදු 18 ට අඩු සියලුම මනුෂ්‍යයින් ළමුන් ලෙස සැලකේ. මෙය එක් නීතිමය මතයක් පමණක්මද?දෙමාපියන්ගේ තුරුලේ හැදී වැඩෙන දරුවා සමාජ ඇසුරට යයි. සෑම මොහොතකදීම දරුවා යම් යම් වෙනස්වීම් වලට මුහුණ දෙයි.මේ සෑම තත්පරයක් පාසා දරුවාට අහිමි වන අයිතිවාසිකම් පිළිබඳ කතා කළ යුතුය. ළමුන් ආරක්ෂා කර කර ගත යුත්තේ ඔබය .ඒ ඔබේ ව  වගකීමයි.  

 1989 නොවැම්බර් මස විසි වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කරග ගන්නා ලදී.මෙහි වගන්ති 24කි. ලංකාව ඇතුළු රටවල්  91 මෙම ලියවිල්ලට අත්සන් තබා ඇත. ළමයෙකුගේ  ජීවත්වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වැනි බොහෝ අයිතීන් පිළිබඳ නීතිමය රාමුව මෙහිදී සැකසේ. ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් කරමින් දරුවන් පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බව මෙමගින් තහවුරු වේ.

ශ්‍රී ලාංකිකයන් වන ඔබ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම්ට බැඳී සිටින බව දන්නවාද? ශ්‍රී ලංකාවේ  1888 දණ්ඩ නීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ මුල්වරට ප්‍රතිපාදන දක්වා ඇත. 1939  පනවන ලද  ළමයි හා තරුණයන් පිළිබඳ ආඥා පනත ද, 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනිම් වැලැක්විම සඳහා වන පනණත ද මෙහිදී  වැදගත් වේ. මීට අමතරව විවිධ පනත් මඟින් දරුවන්ගේ අයිතීන් පිළිබඳව වැඩිදුරටත් කතා බහට ලක්විය. ලංකාවේ නීතිමය පැතිකඩ එසේ  වර්ධනය වන අතර දරුවා සම්බන්ධව    කරුණු කීපයකි.


දරුවෙක් යනු සැබවින්ම තමන්ට හිමි අයිතීන්  පිළිබඳ නොදැනුවත්  කෙනෙකි. නමුත් වැඩිහිටියන් ලෙස ඔබ දරුවා ගේ අයිතීන් පිළිබඳ දැනගත යුතු නොවේ ද ?  උපතෙන් පසුව  සියල්ල   දරුවාට හිමි විය යුතුය. මේ සමානාත්මතාවයි.නීතිමය කටයුත්තකදී දරුවා කේන්ද්‍රකරගනිමින් සියල්ල තීන්දුවට ලක්වන බව දරුවා ගේ වැඩිම යහපත (The best interest of the child) නම් වූ මුල දර්මය ආරක්ෂා කිරීමෙන් තහවුරු කරයි.




විශේෂයෙන්ම මෙම නීතිය මෙරට දික්කසාද නීතිය සමග බැදී පවතී.දරුවා දිළින්දෙක් නොව ඔහුට දිළිදුබවෙන් තොරව ජිවත් වීමට අයිතිය ඇත.ශ්‍රමය සූරාකෑම, සෞඛ්‍යට හානි වන අන්තරායක රැකියාවල නිරත වීමට ඔහුට ඉඩක් නැත. ප්‍රාථමික අධ්‍යයනය සෑම ළමයෙකුටම නොමිලේ ලබාගත හැකි විය යුතුය.අවශ්‍ය අවස්ථාවලදී රජය මගින් මූල්‍යාධාර ලබාදීමේ වගකීම රජය සතු වන බව ද අමතක නොකළ යුතුය. 34 වන වගන්තිය මෙවන් කරුණක් පිළිබඳව  කතා කරයි.ඒ දරුවා සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාවන් සඳහා යොදවා ගැනීමෙන් වැළකිය යුතු බවය.

ඔබ දිනපතා නරඹන ප්‍රවෘත්ති අතර මෙවන් සිද්ධි නම් අඩුවක් නොමැත. ඒ අතර වාර්තා නොවන තොරතුරු කොතරම් ඇත්ත? දරුවන් සම්බන්ධ කතා බහේදී සංවේදී ලෙසින් දරුවන්ට අහිමි වන අයිතීන් පිළිබඳ කතා කරනවා සේම ඒවා ක්‍රියාත්මක කරන්නේ නම් අගනේය.

දරුවා කායික මෙන්ම මානසික වශයෙන්ද පෝෂණය විය යුතුය. මෙකී අයිතීන් දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කරයි. එක් දිනක් පමණක් දරුවන් වෙනුවෙන් වෙන්කර ඇත. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සෑම දවසක්ම ගෙවී යන තත්පරයක්ම සැලකිලිමත් වනවා නම් දරුවන් අනාගතයෙහි සුන්දර නිර්මාණකරුවන්  වන බව දැක්වීම වඩාත් වැදගත් වේ. 


Friday, July 13, 2018


ජපන්  රාජ්‍ය පාලනය  ගැන ඔබ දන්නවාද ?













නිපෝන් , මේ කතා බහ අද ලෝකයේ ප‍්‍රබල රටක් ලෙස අපේ මතකය අතර රැදුන ජපානය පිළිබඳවය.ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ  ”‍නිප්පෝන් / නිහෝන්”‍ යනුවෙනි. එය ”‍නි”‍ ඉර සහ ”‍ගහොන්”‍ මූලය යන වචන එකතුවෙන් සෑදුනකි.හිරුනැගෙන දේශය ලෙස විරුදාවලී ලබා ඇත. එය බටහිර උතුරු පැසිෆික් සාගරය හරහා සැතපුම් 1,500 ක් (කිලෝමීටර් 2,400 ක් දිගු ඊසාන දිග-ඊසාන දෙසට වන්නට පිහිටි දුපත් සමූහයකි. දිවයිනේ ප‍්‍රධාන  දුපත්  හතරකි. උතුර සිට දකුණ දක්වා හොකයිඩෝ , හොන්ෂු , ෂිකෝකූ , සහ කියුෂු . හොන්ෂු හතර වන විශාලතම දුපත් වේ , හොකයිඩෝ, කියුෂු සහ ෂිකෝකෝ විසින් අනුපිළිවෙලට අනුව විශාලත්වය දැක්විය හැකිය. මීට අමතරව කුඩා කුඩා දුපත් රාශියකි. මෙහි ප‍්‍රධාන  දුපත් කණ්ඩායම් වන්නේ රයික්යුයි  දුපත් ( ඔකිනාවා දිවයින සහ කියුෂු සිට ද ඉසු , බොනින් (ඔගසාවාරා සහ වුල්කානා (කසාන් හංෂු මධ්යම හා දකුණු දෙසට වෙන්න පිහිටා ඇත. නැගෙනහිර ටෝකියෝ (ටෝකියෝ ජාතික ප‍්‍රාග්ධනය අතින් ලෝකයේ ප‍්‍රධාන නගර අතරින් එකකි. ජපානය සතු මුළු බිම් ප‍්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. අඩි 12,388 (මීටර් 3,776 උසකින් පිහිටා ඇති ජපානයේ උසම කන්ද වන ෆුජි (සැන්ජි-සෑන් කන්ද ඇතුළුව සක‍්‍රීය හා සන්සුන් ගිනි කඳු කිහිපයක් පවතී.එවන් වටපිටාවක් සහිත භූමියක දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය පිලිබදවයි මේ.. 






ජපන් රජය යනු අධිරාජ්‍යයාගේ බලය සීමිත වන අතර එය මූලික වශයෙන් රාජකාරි සඳහා කැපී පෙනෙන ව්‍යවස්ථාමය රාජාණ්ඩුවකි . වෙනත් බොහෝ ප්‍රාන්තවල මෙන් , රජය ශාඛා තුනකට බෙදී ඇත.

1947 දී ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරන ලද රාමුව යටතේ රජය ක්‍රියාත්මක වේ. එය රාජ්‍ය නායකයා ලෙස අධිරාජ්‍ය සමඟ පරිපාලන අංශ හතළිස් හයකින් සමන්විත ඒකීය රාජ්‍යයකි . ඔහුගේ කාර්යභාරය චාරිත්‍රානුකූල වන අතර රජයට සම්බන්ධ බලතල නැත.ඒ වෙනුවට, රජයේ මඟ පෙන්වීම සහ පාලනය කිරීම සඳහා අමාත්‍යවරුන් සහ අගමැතිවරුන් පත් කරයි. විධායක අංශවල බලයේ ප්‍රභවය කැබිනට් මණ්ඩලය වන අතර එය ආණ්ඩුවේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා විසින් පිහිටුවා ඇත. 

ඔහු හෝ ඇය නම් කරන ලද අතර අධිරාජ්‍යයා  විසින් තනතුරට පත් කරනු ලැබේ.ජාතික ඩයට් යනු ව්යවස්ථාදායකය, ව්යවස්ථාදායක ශාඛාවේ අධිකාරිය වේ. සභා මන්ත්රීවරුන් ගේ නිවසක් සහිත නිවාස දෙකක් සහිත ද්විත්වයකින් සමන්විත වන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පහළම නිවස වේ. එහි සාමාජිකයන් ඍජුව තෝරා පත් කර ගනු ලබයි . ශේෂ්ඨාධිකරණය සහ අනෙකුත් පහත් උසාවි අධිකරණ ශාඛාවලින් සමන්විත වන විධායකය හා ව්‍යවස්ථාදායක ස්වාධීනව සිටියි.


ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිරාජ්‍යයා විසින් ”‍රාජ්‍යයේ සහ එක්සත්කමේ සංකේතය”‍ ලෙස අර්ථ දැක්වේ. ඔහු රාජකාරි ඉටු කරන්නේ නැති අතර සැබෑ බලය නැත. දේශපාලන බලය ප්‍රධාන වශයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් තේරී පත්වූ සාමාජිකයින් විසින් පවත්වනු ලැබේ. ඉම්පීරියල් අර්නෝං අධිරාජ්‍යයා ගෘහස්ථ නීතිය මගින් නම් කරන ලද අධිරාජ්‍ය  මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වේ. මයිජි යළි පිහිටුවීමට පෙර ජපානය පාලනය කරන ලද්දේ  මිලිටරි ෂෝගන් විසිනි . මෙම කාල පරිච්ජේදය තුළ, ආණ්ඩුවේ ඵලදායී බලය, ෂූගූන් හි වාසය කළ, අධිරාජ්‍යයාගේ නාමයෙන් රට නිල වශයෙන් පාලනය කලේය.ෂොගන් යනු පරම්පරාන්විත හමුදා පාලකයෙනි. අධිරාජ්‍යයා ෂූගන් පත් කරන ලදි ස්වෛරී රාජයක් වුවද ඔහුගේ රාජකාරි උත්සවය චාරිත්‍රානුකූලව සිදුකරන අතර රට පාලනය කිරීම සඳහා ඔහු සහභාගි නොවීය. මෙය බොහෝ විට අග්‍රාමාත්‍යවරයා පත් කිරීම හා රාජකාරිය ඉටු කරන අධිරාජ්‍යයාගේ වර්තමාන භූමිකාව සමඟ සංසන්දනය කරයි. 

1868 දී මෙයිජි යළි පිහිටුවීම, ෂොගුන් ටෝකුගවා යෝෂිනෝබු ඉල්ලා අස්වීම නිසා, අධිරාජ්‍යයාගේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ”‍උපකරණයක් බවට පත්වීමට”‍ එකඟ විය. මෙම සිද්ධිය රට අධිරාජ්‍යයාගේ පාලනයට සහ ජපානයේ අධිරාජ්‍යයාගේ ප්‍රකාශයට පත් කරන ලදි. 1889 දී, ජපානය ශක්තිමත් කිරීම සඳහා ආසියානු මට්ටමින් ප්‍රථම පාර්ලිමේන්තු පද්ධතිය ජපානය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මාජි ව්‍යවස්ථාව සම්මත විය. එම කාලයෙහි රුසියානු ආකෘතිය මත පදනම් වූ ස්වාධීන අධිකරණයක් සහිත මිශ්‍ර ව්‍යවස්ථානුකූල - ඒකාධිපති රාජාණ්ඩුවක්  ඇති විය.

කසූකෝ ලෙස හඳුන්වන නව තන්ත්‍රයක් ස්ථාපිත විය. එය හියියන් යුගයෙහි , පුරාණ අධිකරූපී යුගයේ , කූගේ සහ පැරණි ඩයිමියෝ , ෂිජුන්ට යටත් කරන ලද වැඩවසම් පාලකයන් විය.   ඉස්පිරියා පවුල , කසූකෝ, සහ අධිරාජ්‍යයා විසින් නම් කරනු ලැබූ අයගේ සභිකයන්ගෙන් සමන්විත වූ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් ඍජු  ඡන්දයකින් තෝරා පත් කර ගන්නා ලදී.

දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු , ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලින් පැවති අධිරාජ්‍යය පාලනයක් වෙනුවට බටහිර ආකාරයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රයක් සහිතව විසුරුවා හරින  අදහසින් සම්මත විය.

ජපන් අධිරායයා (天皇) යනු අධිරාජ්‍යයාගේ පවුලේ ප්‍රධානියා සහ රාජ්‍ය උත්සවයේ ප්‍රධානියාය . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහු ”‍රාජ්‍යයේ සහ ජනතාවගේ එක්සත්කමේ සංකේතයක්”‍ ලෙස අර්ථ දැක්වේ. කෙසේ වුවද, ඔහු නාමික ප්‍රධාන විධායක නොවන පුද්ගලයා වන අතර ඔහු සතු සුවිශේෂී වැදගත් බලය පමණක් ඔහු සතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති පරිදි ආණ්ඩුවට සම්බන්ධ සැබෑ බලයක් ඔහුට නැත.

ජපාන ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය අධිරාජ්‍යයා විසින් පහත දැක්වෙන චාරිත්‍රානුකූල භූමිකාවන් පවරයි: 

අග්‍රාමාත්‍යවරයා විසින් ඩයට් ලෙස නම් කර ඇති පරිදි පත් කිරීම. 

ශේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු පත් කිරීම කැබිනට් මණ්ඩලය විසින් පත්  කරන ලදී. 

විධායක බලය පිළිබඳ මූලාශ්‍රය කැබිනට් මණ්ඩලය වන අතර අග්‍රාමාත්‍යාවරයාගේ ඍජු බලයෙන් අතිමහත් බලය සියතට ගෙන ඇතත්, එහි බලතල කිහිපයක් අධිරාජ්‍යයා විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 

ආණ්ඩුක්‍රිම ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය  අනුව අධිරාජ්‍යායා විසින් ක්‍රියාත්මක කරනු ලබන බලතල:

        ව්‍යවස්ථාව, නීති, කැබිනට් නියෝග සහ ගිවිසුම් සංශෝධනය කිරීම. 

        ඩයට් සංවාරණය කිරීම. 

        නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීම.

        ඩයට් හි සාමාජිකයින්ගේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම. 

           සාමාන්‍ය සහ විශේෂ සමාවක් ලබා දීම, දඬුවම් මාරු කිරීම, ඉවත්වීම සහ                              අයිතිවාසිකම් යළි තහවුරු කිරීම. 

           සම්මාන ප්‍රදානය කිරීම.
           ව්‍යවස්ථාව අනුමත කර ඇති පරිදි, අනුමත කිරීමේ මෙවලම් සහ වෙනත්                                රාජ්යතාන්ත්රික ලේඛන සහතික කිරීම. 

       විදේශ තානාපතිවරු සහ ඇමතිවරු පිළිගැනීම. 
       උත්සව කටයුතු කාර්ය සාධනය.

අධිරාජ්‍යයා නාමික අධිකාරී බලය අහෝසි කර ඇත. නිදසුනක් වශයෙන්, අධිරාජ්‍යයා යනු අගමැතිවරයා පත්කිරීමට බලය ඇති එකම පුද්ගලයාය. තත්ත්වය සඳහා සුදුසු පුද්ගලයා නියම කිරීමට බලය ඇත. 2009 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමේදී එවැනි එක් උදාහරණයක් කැපී පෙනේ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සභාව විසුරුවා හැරීමට අපේක්ෂා කරන නමුත්, ඊළඟ මහ මැතිවරණය සඳහා එය එසේ කිරීමට තාවකාලිකව නොහැකි විය. මන්ද, අධිරාජ්‍යයා සහ අධිරාජයා යන දෙදෙනාම කැනඩාවට පැමිණියහ .

මෙම ආකාරයෙන් අධිරාජ්‍යයාගේ නූතන භූමිකාව බොහෝ විට ෂෝගුනේට් යුගයේ හා ජපානයේ ඉතිහාසයේ බොහෝ දේ සැසඳීය. එම අධිරාජ්‍යයා විශාල සංකේතාත්මක අධිකාරයක් දැරූ නමුත් කුඩා දේශපාලන බලයක් තිබුණි . එය බොහෝ විට අධිරාජ්‍යයා විසින් නාමිකව පත් කරන ලද අනෙකුත් අය විසින් පවත්වනු ලබයි. වර්තමානයේ දී, අත්තනෝමතික බලය තවමත් සිටින විශ්‍රාමික අග්‍රාමාත්‍යවරයෙකුට උරුමයක් වශයෙන් යම් තරමක් අඛණ්ඩව පැවතුනි. ශේඩී ෂෝගන් (闇 将軍) ලෙස හැඳින්වීමට පුළුවන. 





ඔහුගේ යුරෝපීය සහකරුවන් මෙන් නොව, අධිරාජ්‍යයා ස්වෛරී බලය පිළිබඳ මූලාශ්‍රය නොවන අතර ආන්ඩුව ඔහුගේ නාමය යටතේ ක්‍රියා නොකරයි. ඒ වෙනුවට, අධිරාජ්‍යයා රාජ්‍යය නියෝජනය කරන අතර, රාජ්‍යයේ නාමයෙන් අනෙකුත් ඉහළ නිලධාරීන් පත්කරනු ලබන අතර, ජපාන ජනතාව ස්වෛරීභාවය දරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන ව්‍යවස්ථාව අනුව, අධිරාජ්‍යයාගේ ගෘහස්ථ නීතිය අනුව , අධිරාජ්‍යයාගේ නමට රංගනයෙන් පිහිටුවිය හැකි ය, අධිරාජ්‍යයා සිය රාජකාරිය ඉටුකිරීමට නොහැකි වනු ඇත. 

ඓතිහාසික වශයෙන් ජපානයේ ඉම්පීරියල් හවුස් යනු ලෝකයේ පැරණිතම අඛණ්ඩ පරම්පරාගත රාජාණ්ඩුවයි. කොයිකීක් සහ නිහෝන් ෂෝකී අනුව , ක්‍රි.පූ. 660 දී ඉම්පීරියල් හවුස් විසින් ජපානය පිහිටුවන ලද්දේ අධිරාජ්‍යයා ජිමු (神 武天皇) විසිනි. ජපානයේ ප්‍රථම අධිරාජ්‍යයා සහ අධිරාජ්‍යයා වූ ජිමුම් පසුව අනුගමනය කළ සියලුඅධිරාජ්‍යයන්ගේ මුතුන්මිත්තෙක් විය. ජපන් මිත්‍යා  මතයට අනුව, අමරසේස (天 照 大 御 神) නමැති සම්භාව්ය පරම්පරාව, ස්වින්ගෝ ශාන්ත ආගමේ හිරු දෙවියාගේ ධර්ම දූතයා විය.

ජපානයේ වත්මන් අධිරාජ්‍යයා (今 上 天皇) අකීහිතෝ . 1990 නොවැම්බර් 12 වන දින ඔහු නිල වශයෙන් සිංහාසනාරූඪ විය. ඔහුගේ රාජකීය අධිරාජ්‍යයා(天皇 陛下) ලෙස හැදින්වෙන අතර ඔහුගේ පාලන කාලය හේයිසෙයි ​​(平 成) යන යුගයයි. ජපානයේ ඔටුන්න හිමි කුමරුගේ නාරාහිටෝ ක්‍රයිසන්තේම්  යනුවෙන් දැක්වේ. ජපානය තුළ  අපූරු දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන ආකාරයක් මෙහි දී හදුනා ගත හැකි වන්නේය. 

Saturday, July 7, 2018

              
    කොරියාව හා බැදුණු  LG සමාගම




ජීවිතය කියල කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. ජීවත් වෙනව කියල කියන්නෙත් ඊටත් වඩා අමාරු කාර්යක්. ජීව ලෝකයේ විතරක්ම නොවෙයි අජීවි නිර්මාණවලත් ඉතිහාස කතාව නම් හරිම අපූරුයි. පියවරෙන් පියවර දරුවකු සේ හැදී වැඞී අද වන විට ඔහු කඩවසම් තරුණයෙක්. මේ  කතා බහ දකුණු කොරියාවේ සිව්වන විශාලතම සමගම පිළිබඳව යි.

ජීවිතය යහපත්(Life's Good) සංකල්පය පෙරදැරි කර ගනිමින් බිහිවුණු සමාගම අද වනවිට කාගේත් හිත මිතුරෙකු වී හමාරය. 1947 ආරම්භ වූ මෙම සමාගම ලක් - හූයි ^Lak Hui Chemical Industriyal corpc&කෙමිකල් ඉන්ඩස්ටි‍්‍යල් ලෙස ස්ථාපිත කරන ලදි. මෙම සමාගම ප්ලාස්ටික් කර්මාන්තයට  පිවිසි පසු Goldstar Co.Ltd(වර්තමානයේ LGඉලෙක්ට්‍රොනික් සමාගම ලෙස හදුන්වයි. 1958 ලකී සහ ගෝල්ඩ් ස්ටාර් යන සමාගම් දෙකම ඒකාබද්ධ කර ලකීගෝල්ඩ් ස්ටාර් සමාගම ලෙස පිහිටුවේය. මෙම සමාගම මගින් එලෙක්ට්‍රොනික් උපකරණ, රසායනික ද්‍රව්‍ය හා විදුලි සංදේශ නිෂ්පාදන සිදු කරයි. ලකී වෙළෙඳනාමය යටතේ අනිකුත් ගෘහ භාණ්ඩ මෙන්ම සනීපාරක්ෂක නිෂ්පාදන ගෙන ගියත් වර්තමානයේ LG සමාගම විසින්ම ඇගලූම් පිරිසිදු කාරක වැනි දේ කොරියානු වෙළෙඳපොළට නිකුත් කරයි.





1958 මෙම සමාගම විසින් කොරියාවේ පළමු රේඩියෝව නිර්මාණය කරන ලදි. මීට අමතරව කොරියාවේ පළමු ශීතකරණය (1965- රූපවාහිනිය (1966- වායු සමීකරණ යන්ත‍්‍රය (1968-රෙදි සෝදන යන්ත‍්‍රය (1969-වැනි නිර්මාණයන්හි ගෞරවය ඔවුන්ටම හිමි වෙයි. 

කොරියාවෙහි පළමු වර්ණ රූපවාහිනිය 1977 දී නිපදවන ලද LG සමාගම 1982 වන විට ඇමරිකා එක්සත් ජනපදය වෙත සිය නිෂ්පාදන අපනයනය කරන ලදි. බටහිර වෙළඳපොළේ තරග කිරීමට  1995 දී (ලූසී ගෝල්ඩ් කෝපරේෂන් LG ලෙස නම් කරයි. 2009 දී LG ඩොමේන් නාමය හිමි කර ගනී.





LGසමාගමේ ප‍්‍රධාන කාර්යාලය Yeouido-dong, Yeongdeungpo-gu සෝල් නගරයේ  LG නිව් ටවර් (LG Twin Towers ගොඩනැගිල්ලෙහි පිහිටා ඇත.  LG සමාගමBon Joon Kooගේ මෙහෙය වීම මත අද වන විට ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත්ව ඇත.
ගෘහස්ත විනෝදාස්වාදය, ජංගම සන්නිවේදනය, ගෘහ උපකරණ, වායු සමනය කිරීම හා බලශක්ති විසදුම් අද ඔවුන්ගේ නිෂ්පාදන ක්ෂේත‍්‍රයන් ය. 2014 වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 55.91 ආදායමක් ලබා ගැනීමට සමත් වු සමාගමකි. 82 000කට අධික සේවක පිරිසක් ලොව පුරා සේවයෙහි නිරත වෙයි. බොහෝ නවීන තාක්ෂණික උපකරණ රැ සකම වගකීම් සහිත නිර්මාණකරුවා වීමට ඔවුන් සමත්ව ඇත්තේ තිබූ පළමු පියවරෙහි ශක්තිය නිසාය. ”අපි මිනිසුන්ව හදාගන්නවා” මේ ඔවුන්ගේ සංකල්පය යි. 



Wednesday, December 13, 2017


                                                      මා රම්බරිය සොයා ........




“ගායතීති ගීතං” ගායනය කරන්නේ යමක්ද? එය ගීතයයි. සිංහල කාව්‍ය වංශය වසර ගණනාවක් පුරා ඈතට දිව යයිබ් ක්‍රි.පූ දෙවන සියවසේ දී පමණ ලියැවුණු සෙල්ලිපි ගී ම ගින්ඒ බව මොනවට තහවුරු කරයි.පිනි බිංදුවක් කදුළට උපමා කරන ගීත නිර්මාණකරුවා ජීවිතයම ගීතයක් කර ගනී. උපන් දා සිට හැදී වැඩී මහල්ලෙක්ව මිය යන තෙක් ගීතය පෝෂණය වෙයිී.නිමක් නොවන සිතිවිලි ගීතය අතර සැඟවෙයි. ඉන් උපදින රසය විවිධ වේ. එම නිසා ගීතයක රසය මෙය යැයි කිව නිශ්චිතව කිව නොහැකි වේ. එහි සිරවුණු අදහස් රැසකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වන මෙකී රසය සොයා ගැනීම නම් එතරම් පහසු කාර්යක් නොවේ.එක් ගීතයක රසය සොයා යන මේ ගමන් මගෙහි ආරම්භයේදීම ගීත්‍ය හදුනා ගැනීම වැදගත් වේ.ලාංකීය ගී වංශයේ භාවාත්මක නැවුම් හඩෙහි හිමිකරු ඔහුයි.විශාරද එඞ්වඞ් ජයකොඩි නම් වන ඔහුගේ හඬ මුසුවෙන් ද, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ද කුමාරදාස සපුතන්ත්‍රී නම් දැවැන්ත කලා කරුවාගේ පද රචනයෙන් ද නිපන් “මා රම්බරී” ගීතය ගැනයි මේ කතා බහ.



black and red women සඳහා පින්තුර ප්‍රතිඵල

විසල් විශ්වයේ සියලු සත්ත්වයෝ හදුනා ගත් භාෂාවක් වේද, එනම් සංගීතයයි. එවන් සංගීතයේ පෙරදිග හුරුව ස්පර්ශ කළ උත්තර භාරතීය හා කර්ණාටක සංගීතයේ ආභාස තුළින් ද සුපෝෂණය වූ හෙළ සුභාවිත ගීතය තරම් අප සිත් නිවා පහන් කළ හැකි මහෞෂධයක් තවත් තිබිය හැකිද? මාරම්බරී ගීතය තෝරා ගැනීමට ප්‍රබලම හේතුව එය යැයි පැවසීම වරදක් නොවේ. ප්‍රේමවන්තයෙක් සිය පේමවන්තිය වෙත කරන ප්‍රේමණීය ශෘංගාරාත්මක ආරාධනයක් වස්තු විෂය කර ගනිමින් රචනා වූ මෙම නිර්මාණය පෙම්වතාගේ රති ආයචනය සංයමශීලීව ගෙන ඒම අරමුණු කරගෙන ඇත.ගීය වෙත ප්‍රවිෂ්ට වීමට පෙර ගීතය යන්නත් ශෘංගාරය යන්නත් අවබෝධ කර ගැනීම වැදගත් වේ.
“මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර මිනිස් හැඟීම් සහෘදයන්ට බෙදාදෙන්නේ සම්ප්‍රේෂණය කරන්නේ කලාව මඟිනි ” යනුවෙන් ලියෝ තෝල්ස්තෝයි ප්‍රකාශ කර තිබේ. ගීතය යන කලා මාධ්‍යය තුළින් ද ඉටු විය යුත්තේ මෙයයි. ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ ගීතය යන්න අර්ථ දක්වා ඇත්තේ “සාමූහිකව හෝ ඒකලව ගායනා කරන සංක්ෂිප්ත සංගීත රචනයක් ” ලෙසය.ගීතය ජනයා අතර ජීවත් වෙයි. එනිසා ගීතයේ භාහිර ඇති රසාලිප්ත තුළ සැඟවුණු දර්ශනයක් තිබීම වැදගත් බව මෙයින් තහවුරු වේ. ගීතයෙන් රසයක් උපදී.මේ කියන්නා වූ රසය යනු කුමක්ද?නාට්‍ය ශාස්ත්‍රයේ එය මෙසේ විග්‍රහ වේ.

“විභාව අනුභාව හා ව්‍යභිචාරී සංයෝගාද් රස නිෂ්පත්ති:”

ව්භාව අනුභාව හා ව්‍යභිචාරී භාවයන්ගේ සංයෝගයෙන් රසය උපදී. රසන් නිෂ්පත්තියට හේතු වන භාව අටක් සහ ඒ එකිනෙකින් ලැබෙන රසද නාට්‍ය ශාස්ත්‍රයේ වැඩි දුරටත් සඳහන් ය.එනම් භාව රති, හාස, ශෝක, ක්‍රෝධ, උත්සහ, භය, ජුගුප්සා, විෂ්මය මේවායින් ඉපදෙන රස පිළිවෙලින් ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීබත්ස්‍ය, අද්භූත ලෙස දැක්විය හැකි වේ. රසාස්වාදයේදී ඉතාම වැදගත් තැනක් ශෘංගාර රසයට හිමි වේ.එසේම සංස්කෘත විචාරකයන් දක්වන පරිදි රස අතරින් ඉතා සියුමැලි රසය ද එයයි.ශෘංගාරය යන වචනය සෑදී ඇත්තේ ශෘංග යන්නෙනි. ශෘංග යනු අනංගයාගේ උද්‍රෙකයයි.එබැවින් තත් ප්‍රාප්තියට හේතු වන්නා වූ ආස්වාදය ශෘංගාරය යි. ලෙස දක්වා ඇත. ඒ රසය සහෘදයා වෙතට පත් කරවන ගීත නිර්මාණ අදවන විට බිහි වී ඇත.ශෘංගාරාත්මක රසය අද වෙළඳ භාණ්ඩයකි.මිනිස් සියුම් හැගීම් වලට සංයමයෙන් කතා කරන ගීත අතලොස්සකි. සුභාවිත ගීත දෙසට යොමු වී මා රම්බරී වන් ගීතයක රස මුසු තැන් සොයා යාමට සිතුවේ එනිසා ය. ගීතයක පද වැල් විවිධ අරුත් නිර්මාණය කරයි. තනුවකට අනුව රචනා වීම මෙහස් තවත් විශේෂත්වයකි. ගී පද සාහිත්‍යයේ සුවිශේෂ ස්ථානයක් හිමි කරගත් කුමාරදාස සපුතන්ත්‍රී නම් විද්වතා මා රම්බරී පද වැල්වල හිමිකරුය. පෙම්වතුන්ගේ සිතිවිලි ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් රචනා වන මෙහි ශෘංගාරය සඟවා ඇත.සැගවූ ශෘංගාරය විඳගැනීමට ගීතයේ පදවැල් අතර සැරිසැරිය යුතුය.

“මා රම්බරී කෝල වී
edward jayakodi සඳහා පින්තුර ප්‍රතිඵල
පෑ මුවේ මන්දහාසේ ”

එතරම් රසවත් ආලවන්ත යෙදුමක් තවත් කොහිද? රම්බා දේවිය යනු දිව්‍යාංගනාවන් අතර වඩාත් රුවැත්තියයි.යම් පුරුෂයකු කාන්තාවකට මා රම්බරී ලෙස පවසනුයේඇය සුවිශේෂි නම් පමණි.එනම් (මා+රම්බරිය) මගේ රන්බරිය ලෙස ඇයට ආමන්ත්‍රණය කරනුයේ කරනුයේ ඔහුට ලොව සිටින සුන්දරම ඇය නිසාය.ඔහු ඇය අසල සිටින විට ඈ දෙස බලන විට ලැජ්ජා වී ඔහු වෙත පෑවේ මදහසකි.ඔහු ඈ වෙත හෙළුෑ බැල්ම ඇය ක්ෂණයෙන් හඳුනා ගත්තා ය.ඈ එවිටම කෝල විය. ඇයගේ මදහස ඔහුව ප්‍රබෝධමත් කරයි.ඇයගේ එකදු බැල්මක් ඔහුට සතුටට කරුණක්.පිං්කාර ඒ නිසා ඔහු නිරන්තරයෙන් ජීවිත්යේ සංතුෂ්ටිය භුක්ති විදියි. ඇය ඔහුගේ හදවතේ රැජිණ යි.ඈ නිසා ඔහුට ජීවිතය හොදින්ම දැනෙයි.ඒ ඔහුගේ පෙම්වතියයි. ඈ දෙස බලා සිටින ඔහු ඇයට මෙවන් ඇරයුමක් කරයි.

                                                           “ සිතේ භෘංග සේනා කිපී රොන් මතින්
rohana virasingha සඳහා පින්තුර ප්‍රතිඵල
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනු ඒ පිපාසා ”

ඈ කෙරෙහි් අශාවන්ගෙන් ඔහුගේ සිත කුල්මත් වෙයි.ඒ කෙසේද යත් රොන් බී මත් වුණු මී මැසි කැලක් මෙන් යැයි කවියා උපමා කරයි.නුරා නෙතින් ඔහු ඇයව ලුහු බදියි. ඇයව ඔහුගේම අර ගැනීමේ ආශාවෙන් ළැතැවෙන ඔහු ඈ දෙස බලා සිටියි


සනසාලනූ ඒ පිපාසා මේ ඇරයුම ඇගේ කෝල මදහසින් උමතුව නොනිම් චිත්ත සන්තාපයන් නිවා ලන්නට නොවේද?ඒ හැගුම්වලට ඉඩ දී ඔහු නැවතත් මෙලෙසින් පවසයි.

“ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළදේ චිත්ත පීඩා නොනිම් ”

ඔහුගේ ඉල්ලීම පිළිගෙන දීප්තිමත් දෙනෙතින් ඔහු දෙස බලා සිතෙහි ඇති නිමක්නොවන පීඩාව නිවන ලෙස ඔහුගේ හැගුම් කතා කරයි. සදේ සිසිලස මෙන් සුමුදු සුවයක් ඔහු ඇයගෙන් අපේක්ෂා කරයි.ඔහුව පීඩාවෙන් මුදවා සනසා ලන ලෙස පවසයි. පේමණීය හැගුම්වලින් ඔද්දල් වූ ඔහුගේ සිත ඈ සුවපත් කළ යුතුය.

නිර්මාණකරුගේ සරළ වචන කිහිපයක සැඟවුණු අරුත් නම් සරළ නැත. සංකීර්ණ හැගීම් දාමයක් වචන කිහිපයක් තුළ සැඟවීමට රචකයා සමත් වී ඇත. අමු අමුවේ අරුත් සපයන නවීණ පන්නයේ ශෘංගාරත්මක ගිතවල රසවිදීමට තරම් සුන්දරත්වයක් සඟවා නොමැත.නමුත් භාවනාවක් සේ ගොඩ නැගෙන මෙහි අරුත් නම් අපූරු ය. ගීතයේ සැගවී ඇත්තේ ශෘංගාරාත්මක හැගීම් සමුදායකි. එලෙසින් වචන අතර මැවැනි සංකීර්ණ ගැගීම් සමුදායක් සැඟවීමට රචකයා සමත් වී ඇති බව කිව යුතුමය.

ගීතයක් නිර්මාණය වනුයේ අකුරු වචන පද අදහස් වැනි බොහෝ දේ එකතු වීමෙනි.ඊට වැදගත් ම වනුයේ භාෂාවයි. රචකයා මෙහිදී යොදාගෙන ඇති බස් වහර ගැන කතා කළ යුතු වන්නේමය.ශෘංගාරාත්මක හැගීම් ජනනය වන අයුරින් භාෂාව හැසිරවීමට උපන් හපන් සපුතන්ත්‍රීන්ගේ නිර්මාණය තුළ සරළ බව ගැබ්ව ඇත.


“මා රම්බරී”

යන වචනය ගීතයට ආරම්භයක් ලබා දෙයි. ශෘංගාරය සමඟ බැදී ඇති සුන්දරත්වය එක වචනයක් ඔස්සේ මැවීමට රචකයා රම්බා යන්න යොදා ගනියි.ඒ කී සැනින් සුන්දරත්වය ඉක්මවූ රුවක් මැවෙයි.රචකයා සාර්ථකය.ගීතය පුරාවටම ගෙනෙන අදහස් ඉතා බලවත් බව හැගවීමට රූපකාලංකාර යොදා ගනියි. එනම් ගීතය පුරා දිවයන හැගීම්වල ස්වභාවය බලවත් බව මෙයින් මනාවට ගම්‍යමාන කරයි.
“නුරා පැන් ”
kumaradasa saputhanthri සඳහා පින්තුර ප්‍රතිඵල
කාමයෙන් පිරුණු ඔහුගේ සිතිවිලි මුහුකුරා ගොස් ය.


“ මල්මුව”

මල් නැමැති මුව යන්න මෙහි උඩුපෙළ අරුතයි. ඔහුගේ මන දොළ සනසා ලිය යුතු ආකාරය රචකයා එක් වචනයක රදවන්නේ මෙසේය. හැගීම්වලින් තැවෙන හදවත සද සිසිලෙන් නහවන් ලෙස කවියා උපමාලංකාරයකින් මේ අයුරින් ගළපයි.

“ රශ්මි දෙවා චන්ද්‍රයා සේ ”

ගීතයේ අවස්ථා කිහිපයකම මා රම්බරී යන්න දැක් වේ.ඔහු ඇයට දක්වන ආලය නැවත නැවතත් ප්‍රකාශ කිරීම රචකයාගේ අරමුණ වී ඇත. පදරචනය තුළ අර්ථරසයෙන් පිරි වචන සමූහයක ශෘංගාරාත්මක බව මනාවට ගොනු කිරීමට රචකයා සමත් වී ඇත.මෙහි යොදා ගත් සංගීතය පිළිබඳව කතා කළහොත් තවදුරටත් ගීතයේ සුන්දර වටපිටාව හදුනා ගත හැකි වේ. උත්තර භාරතීය ගෂල් ගීයේ ආභාසය ලබමින් මෙම ගීතය නිර්මාණය වී ඇත. භාරතීය උර්දු හා පර්සියන් බසින් බැදුණු සහ ගැයුණු ගීත විශේෂයක් ලෙස ගසල් හැඳින්වේ. කෙහෙර්වා සහ තීන්තාල් ඇසුරු කර ගනිමින් ගැයේ. මෙම ගී විශේෂය ආදරය පිළිබඳව රසවත් සාහිත්‍යප්‍රබන්ද සාගරයක් ලෙසින් පිළිගැනේ. සරළ ශාස්ත්‍රීය ගායන වර්ගයක් ලෙස සැලකෙයි. ගසල් ගීත ආභාසයට ගැනීම තීරණය කිරීම ගීතයෙහි සැබෑ අර්ථය ගෙන ඒමට රුකුලකි. ඊට එක්වෙන ශබ්ද රටා ගීතයේ මිහිරියාව තව තවත් වැඩි කරයි.

මා රම්බරී රෝහණ වීරසිංහයන්ගේ සංගීත්
නිර්මාණයකි. ගීතයේ සං
ගීත ඛණ්ඩ අතර දීප්තිමත් වන මිහිරි බටනලා හඩ හා
ආකර්ෂණීය තබ්ලා වාදනය සහෘදයන් සරා සිහිනයක රදවනවා යැයි කීම අතිශ්‍යයෝක්තියක් නම් නොවේ.එලෙසම ගීත්යේ අන්තරා කොටසෙහි අවදි වන ආලප් කොටස හා ස්වර්ගම් ගායනය තුළ එක් කරන රසය කෙබදු දැයි වචනවලට ගත නොහැකිය. මේ හඩ එකිනෙක වැටීම මත ඉපදෙනුයේ ශෘංගාරාත්මක හැගීම් සමුදායකි. එසේ ගම්‍යමාන වන්නේ සංගීතය යෙදීමේ අපූර්වත්වයයි.

“ප නි ස රි ප නි ස ග

නි ස ග ප නි ස නි ප ග ස නි ප නි රි ස ස ග

ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ”


ගීතයක් සාහිත්‍යක් නොවන්නා සේම සංගීතය පමණක් ද නොවේ.ගීතය පරිපූර්ණ වන්නේ ගී පද මාලාව සංගීතය හා ගායනයේ සුසංයෝගයෙනි. මා රම්බරී ගීතයට මුසු වන හඩ ගීත්යෙහි අර්ථය දැන වීමට ප්‍රබල සාධකයකි. පරිණාම වාදයේ අසහාය පීතෘ චාල්ස් ඩාවින් නැමැති ජීව විද්‍යාඥයා අනාවරණය කර ඇති පරිදි සොබාදහමේ දී සතුන්ගේ ගායනා චර්යාව

ප්‍රධාන වශයෙන් සම්බන්දවනුයේ ප්‍රජනන ක්‍රියාවලියට බවයි. මනුලොවේ
මනහර ගායක ගායිකාවන්ට බොහෝ දෙනෙක් ආකර්ෂණය වේ. ගි පද ,ගී තනු නිර්මාපකයන්ට එවැනි ආකර්ෂණ බලයක් නොමැත. මා රම්බරී ගීතයට හඬ මුසු කරනුයේ විශාරද එඞ්වඞ් ජයකොඩි මහතා ය.ලාංකික සුභාවිත ගීතයට නොමද ප්‍රභාවක් එක් කළ ප්‍රතිභාවන්ත ගායන්වේදියා ඔහුයි. ඔහුගේ හඬ මා රම්බරී සමඟ හොදින්ම පෑහේ. එහි ප්‍රතිඵලය ලෙස ගීතයෙහ සැබෑ අරුත ඉස්මතු වේ. විශාරදයන් එඞ්වඞ් ශූරීන්ගේ හඩෙහි ඇති

සුවිශේෂ ගුණය නිසාම මෙම ගීතය තුළ සංයමය ශීලී ශෘංගාරයක් උපදී. ළයාන්විත් හඩ සහෘද සිත් තුළ පිළිසිදගන්නේ ශෘංගාත්මක බව තව තවත් වැඩි කරමින් ය. එබැවින් ගීතයට සරිලන හඩ යොදා ගත් නිර්මානයක් ලෙස මා රම්බරී හදුනා ගත හැකිය. ශෘංගාර රසය වෙළෙඳ අවියක් කර ගත් යුගයක මෙවැනි නිර්මාණ රසවීදීම අමතකව ගොස් ය. එනමුත් මෙහි රසය එක් මොහොතක් සවන් දුන් අයෙකුට කිසිදා අමතක නොවෙයි.

පාර්ශව කිහිපයක උත්සාහයක් ලෙස ගීතයක් නිර්මාණය වෙයි. ගායකයා රචකයා සංගීතඥයා යන තිදෙනාගේම දායකත්වය මත ගීත්යෙහි අදහස සහෘදයා වෙත සම්ප්‍රේෂණය වේ.මා රම්බරී ගීත්යෙන් නිරූපිත් ශෘංගාරාත්මක රසය ශ්‍රාවකයා අත තැබීමේදී සංයමය ඉතා හොදින් රැක තිබේ.ශෘංගාරාත්මක හැගුම් සංයමයෙන් දැනවීමට නිර්මාණකරුවා සමත් නම් එය ඇගයිය යුතු කරුණක් නොවේද? ආදරය ප්‍රේමය සමඟ බැද එන රාගය දැනෙනුයේ ශෘංගාර රසය ලෙෂ බව මේ වන විට හදුනාගෙන අවසන ය. මාරම්බරී යනුද කතාන්දරයකි . මේ කතාන්දරයේ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් චරිත මවයි. ඔවුන් ගෙන එන්නේ ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියට කරන රති ආයාචනයකි. එය සරළව දැක්වුවත් ගීතය තුළ එකී හැගීම් සෙවීම සරළ නැත.එහෙත් ගීතයේ වෑහෙන ශෘංගාරය ශ්‍රාවකයා මනමෝහනයට පත් කරන බව නොඅනුමානය.කෙමෙන් ගීයක විමසුම අවසන්ව ගෙවෙන මේ මොහොතේ මා රම්බරී ඈ සුන්දර බව කීම යුක්ති ගරුකය.











.





             අනාගත සංවර්ධනය පරිසරය තුළින්                                             දකිමු.                    පරිණාමයේ පැහැදිළි ...